(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පවුල් දෙකක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මන්නා පිහියකින් පහරදී කාන්තාවක ඝාතනය කර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ හොරණ ,මීවන පලාන ප්‍රදේශයේ පදිංචිව සිටී ප්‍රදීපිකා කුමාරි නමැති 42 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.
පහරකෑ කාන්තාව හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව පොලිසිය සදහන් කරයි.
පහරදුන් පුද්ගලයා හදුනාගෙන ඇති අතර , ඔහු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd