(සුජිත් හේවාජුලිගේ )
මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය අනිද්දා (1) සිට විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි භෝජනාගාර අංශයට උපදෙස්දී ඇත.
මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අනිද්දා(1)සිට අවසර ලබා දෙන අතර මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය මෙසේ විවෘත කෙරෙන්නේ ඒ අනුවය.
කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට මෙසේ කැඳවාගෙන එන සිය පවුල්වල සාමාජිකයන් කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබාගත් බවට සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.
කොවිඩ් පැතිරීම ආරම්භවීමත් සමග පාර්ලිමේන්තු සංකීර්ණයට පිටස්තරින් අමුත්තන් හෝ පුද්ගලයන් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ.
පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ මන්ත්‍රීවරුන් රැසක් සිය පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් පසුගිය කාලයේදී ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණ. මේ අවස්ථාව සලසාදී ඇත්තේ එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව යැයි පාර්ලිමේන්තු ප්‍රධානියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ අතර පාර්ලිමේන්තුවේ අමුත්තන්ගේ සහ මහජන ගැලරිද ඉදිරියේදී ඉතා සීමිත පිරිසක් සඳහා විවෘත කිරීමට අවධානය යොමුවී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
ශෝක යෝජනා විවාදයන් පැවැත්වෙන අවස්ථාවන්හි එම විවාද දැක බලා ගැනීම සඳහා දැනට අවස්ථාව සලසා දෙන්නේ මියගිය මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරියගේ පවුල්වල සාමාජිකයන් පස්දෙනෙකුට පමණි. කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස එම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
දැනට පාර්ලිමේන්තුවේ විවෘත කර පවතින්නේ මාධ්‍ය ගැලරිය පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඒක හොඳ වැඩක්... අසරණ මිනිහෙකුට කන්න වේලක් දෙන එක මොන තරම් පිනක්ද? අපි ඒ බිලත් ගෙවන්නම්... දැන් කොහොමත් නහයටත් උඩින් වතුර ගලලා ඉවරයිනේ.
හරි ෂෝක්. දේශපාළුවන්ට අපේ ටැක්ස්වලින් පඩි ගෙවනවා මදිවට, ඔවුන්ගේ පවුල් වල ඉන්න හැතිකරේටත් අපි කන්න දෙන්න ඕන.. අප්පච්චි කියන කෙනාගේ අහවල් කෙනා කොහෙද ඉන්නේ? එයාට පේනවද මේවා..?
රාජපක්ෂලා ඇතුළු හොරු 225ක් එකතුවෙලා රට කාලා කාලා හොරකම් කරලා, දුප්පත් රට වෙනත් රටවලට විකුණලා, අන්තිමට හැත්ත බුරුත්තම දියවන්නාවේ රෙස්ටුරන්ට් එකට ඇවිත් කෑම කන්න ගත්තොත් කොහොම හිටීද කියලා ළඟදීම බලාගන්න පුළුවන්... දැන් හොඳ හෝටලයක ඇති ආහාර වේලක් රුපියල් 7000ක් පමණ වෙනවා. මේ බහුබූත හොරුන්ගේ රෙස්ටුරන්ට් එකේ රුපියල් 600ක් විතර ඇති.
අනේ ඒක හොඳ වැඩක්. අසරණ මිනිහෙකුට කන්න වේලක් දෙන එක මොනතරම් පිනක්ද? අපි ඒ බිලත් ගෙවන්නම්... දැන් කොහොමත් නහයටත් උඩින් වතුර ගලලා ඉවරයිනේ...!
ඔව් දැන් මේ පල් හොරු රැළට අමතරව ඔවුන්ගේ පවුල්වල හැත්ත බුරුත්තටත් කන්න දෙන්න වෙන්නේ රටේ මිනිස්සුන්ට...
අපටත් එම භෝජනාගාරය විවෘත කරල දුන්නොත් හාමතේ මැරෙන්නැතිව ජීවත් වීමට හැකි වේව්.
පව් දුප්පත්තු හාමතේ ඇත්තේ කන්න නැතිව
අහ් ... රටේ මහජනයාට කන්න නැහැ .දරුවන් බඩගින්නේ පාසල් යන්න බැරුව ඉන්නවා.ඒ අතර ඕනෙවට වඩා සැප සම්පත් තියන දේශපාලුවන්ට උන්ගේ පවුල් පන්සල් පිටින් ඇවිත් මෙතන කන්න පුළුවන් මහජන වියදමින්.මේක මහා අපරාධයක් .කෑදර කම හිසට උඩින්
මේ යන විදියට ආයෙත් පාර්ලිමේන්තුව පැත්ත පළාතේ එන්න නොලැබෙන නිසා කොල්ලෝ බල්ලෝ සේරටම පාර්ලිමේන්තුව පෙන්නලා අකුලාගෙන යන්න වගේ යන්නේ ?අනේ හත්මුතු පරම්පරාව්ටම හරි පෙරේත ගොටු දීලා තොලොංචි වෙලා යනවා නම් ?
ශ්රී ලංකාවම බංකොලොත් කළ පාවෙන දියවන්නාව..!
අපේ ගෙදරත් බල්ලන්ට කන්න දුන්නාට වඩා බැල්ලියන්ටයි, පැටවුන්ටයි කන්න දෙන්න පටන් ගත්ත. උන් බඩගින්නේ සුමාන ගණනක් තිස්සේ... පවු අසරණයෝ...
ඒ අය පදිංචි කරගත්තොත් නරකද?
මන්ත්‍රී ගෙවල්වල කෑම උයන්නේ නැතිව ඉන්න ක්‍රමය හදනවා. රටේ ජනතාවගේ රීරී මාංශය උරාබොන ක්‍රමය...!
ඔව්, දැන් පිට කඩවල කෑමබීම නැහැ. ගෑස් නැහැ, විදුලිය නැහැ, බඩුමිල අහස උසට... ඒ හින්දා කෑම ගිනි ගණන්... පවුල් පිටින් රට කාපල්ලා... ගිය අවුරුද්දේ කෝටි 9ක්ද කොහෙද ගියා කියලා තිබුණා නේද?
අපි නම් දෙවේල කාලා ඉන්නේ... ඔය කියන තැන බලලා අපිටත් කෑම පාර්සලයක් මගේ දරුවන්ට ගන්න බැරිද?
අවසාන වතාවට බලාගන්න.. මොකද ඊළඟ වතාවේ මේ පාර්ලිමේන්තුවෙ ඉන්න 225 න් බොහෝ දෙනෙක් ඉන්නෙ ගෙවල්වල
අනේ මෙහෙමත් වැඩ .ඔය 225 පවුල් විතරද ලංකාවේ ජීවත් වෙන්න ඕනේ.නොදකින් මෙහෙම නිලධාරීන්
තවත් කාලකණ්ණි තීරණයක්... ගෙදර කට්ටියට ෂොපින් ගිහින් දවල් කැම කන්න එහෙට යන්න පුළුවන්. තරු පහේ හෝටලයට ගිහින් වියදම් කරලා කන කෑම මෙහෙන් කන්න කට්ටියම අත්දෙකම උස්සලා අනුමත කරයි. කොහොමද මහජනයාට සේවය කරන හැටි, හිරිකිතයි.
භෝජනාගාරයේ කෑම නිකන්ද එතකොට දෙන්නේ? අයියෝ අපේ සල්ලිනේ...!
සාප වෙන්න ඕනේ...!
අහෝ මහජන මුදල් නාස්තියක්... මේවා එතකොට නිකන්ද කන්න දෙන්නේ..? රටට හෙණ ගැහුවෙත් ඔය 225 නිසයි...
දැන්ම බලාගන්න දෙයක් තමයි ඉතින්.මොකද ඊළඟ පාර ඔය එක්කෙනෙක්වත් පාර්ලිමේන්තුවට එවන්නේ නැහැ
රජයේ වියදම් අඩු කරන තවත් ක්‍රමයක් වගේ
කන එවුන්ට බඩ පලයල්ලා
තවමත් රාජපක්ෂලා පස්සේ යන අය ඉන්නවා නම් දැන්වත් හිතපල්ලා.
සෞභාග්‍යය ඉතිරිලා දෝරේ ගලනවා...
මෙහෙමත් නාටක...!
මේ දවස්වල බඩුමිල ඉතාම ඉහළයි ඉතින් අහිංසක දුප්පත් රැකියාවක් නොකරන මහජනතාවගේ බඩුමුදල් වලින් ජීවත්වෙන අනාථ කොට්ඨාශයක්නේ ඔය උදවිය... ඒකනිසා කමක් නැහැ අපි පටි තදකර ගන්නම්.. මේ වෙලේ එයාලාට පින් තකා දන්සැල අරින්න..
මේවා කන උන්ගේ පවුල් පිටින් මහමග අනතුරු වලින් නැතිවෙලා පලයන්
ඒක හොඳයි, අපි හිඟන්නන්ට කන්න දෙන්න කැමතියි.
හැබැයි ඕවා කන්නේ බලාගෙන.... හරිද?
අම්මට සිරි කාල වරෙල්ලකෝ... ඔන්න දේශපාලුවන් කනහැටි බලාගන්න...
ඕක කඩා වැටියන්...!
පක්ෂ නාමයෝජනා දෙන්නේ මන්ත්‍රී කෙනෙක්ගේ දරුවෙකුට යන ප්‍රතිපත්තිය වැඩියෙන්ම හැදුවේ මහින්ද සහ රනිල්. අද පාර්ලිමේන්තව ඒ අයගෙන් පිරිලා. දැන් ඉන්නේ අය දරු මුණුපුරන්ට පෙන්වන්න. ඔය ගෙන්නේත් ඒ බලාපොරොත්තුවෙන්. හෙන ගහන්න ඕනා.
That is only thing remain to be done.