
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකු කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) විදුලි සෝපානයක පසුගිය දිනෙක සිරවී ඇතැයි වාර්තාවේ.
මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ එම සම්මන්ත්‍රණ ශාලාවේ මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන කටයුත්තකට සහභාගිව සිටින නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල ,නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, සහ චතුර ගලප්පත්ති සහ ජාතික ජන බලවේගයේ නීතිඥ නිලන්ති කොටහචිච්චි මහත්මියයි.
තිදෙනා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යනශාලාවේ සිට විදුලි සෝපානයෙන් පහළට පැමිණෙමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී ඇත.
මේ සම්බන්ධයෙන් අප සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා ඇතුළු මන්ත්‍රීවරුන් සිව් දෙනකු විදුලි සෝපානයේ සිරවී සිටියදී එහි සේවකයන් පිරිසක් මුදා ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පැවසුවේ අනපේක්ෂිත ලෙස සිදුවූ එම සිද්ධියෙන් තමා දැඩි අපහසුතාවයට පත්වූ බවයි. එම සති 14ක අධ්‍යයන වැඩමුළුව තවදුරටත් පැවැත්වෙන අතර එහි වැඩමුළුවක් අද දිනයේද පැවැත්වීමට නියමිතය. වැඩමුළුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම විද්‍යාර්ථීහු පිරිසක්ද සහභාගිවෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාමර සම්පත් විදුලි සෝපානයේ යන්නේ නෑලු එක හින්දා මිනිහා නම් නෙමෙයි. (නියමිත බරට වඩා අධික බරක් නිසා, අලියෙකුට සමාන බරක්)