
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂය කතානායක ෙෙවද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමඟ දීර්ඝව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි
විපක්ෂය කතානායකවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගිය 27 වැනිදා සඳුදාය. කතානායකවරයා මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටී. එසේ හෙයින් මෙම ඉල්ලීම කතානායක කාර්යාලය විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කරනු ලැබ ඇත මහජන ආරක්ෂක අමාත්‍යාංශය මේ සාකච්ඡාවට දිනයක් දෙනු ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලේ එක්ක හාදකම් පවත්වපු දේසපාලුවෝ හොඳටම බය වෙලා? දූෂිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ යුක්තිය නීතිය සාදරනය විනාශ කරලා අදිකරණය පවා දේසපාලණීකරණය වෙලා තිබුනේ? සුදුවෑන් ගාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කෙරුවේ.බියෙන් ජීවත් උනේ දූෂිත දේසපාලුවන්ට බයෙන්? තමුන්ලා හරියට හිටියානම් කාගෙන්වත් ආරක්ෂාවක් ඕන වෙන එකක් නැහැ.තමූන්ගේ ආරක්ෂාව තමුන්ම සළසාගත යුතූයි කියලා කිව්වෙත් යූඇන්පීයේ හිටපු ජනාදිපතියෙක් නේ?
ආරක්ෂාව මන්ත්‍රිලාට අවශ්‍ය නැ පාතාල කාරයොත් එක්ක සම්බන්ධ කම් තියෙන අයට තමයි ඔය ප්‍රශ්නය, මාලිමාවට ඔය ප්‍රශ්නය නැහැ. මහජන මුදල් ඔය කාලකන්නන් වෙනුවෙන් නාස්ති කරන්න එපා...
මේ ඔක්කම ආරක්ෂාව ඕනෙ පැරදුන විපක්ෂයට, මොවුන් බොහෝ අය නීති විරෝධි ,පාතාල කණ්ඩායම් ලගින් ඇසුරු කල අය, අර ජගත් කියන හාදයගෙන් , ලගදි මරා දැමු ලසාගෙන් එය පැහැදිලි වෙනව , ඒ කාලෙ ආරක්ෂාව ඉල්ල්වෙ දිනපු රජයෙ අය, දැන් ආරක්ෂාව ඉල්ලන්නෙ පැරදුන දේශපාලුවො, පොලිස්පති පාරිලිමේන්තුවට නොගෙනා යුතුයි, රජය එම වැරැද්ද නොකල යුතුයි, ආරක්ෂාව ඉල්ලන විපක්ෂයට , මොන මන්ත්‍රිලටද ආරක්ෂාව අවශ්‍ය කියල , ඒ අයට හේතු විමසල, පරික්ෂන කරල තමයි ආරක්ෂාව දිව යුත්තෙ, හුගක් දේවල් අයියල ගැන හෙලිවේවි එතකොට.
විපක්ෂේ මන්ත්‍රීලාට තමයි ජනතාවගෙන් බේරෙන්න ආරක්ෂාව ඕනේ, මොකද කරලා තියන මජර වැඩ නිසා ජනතාව ඉන්නේ ප්‍රකෝප වෙලා.
ආරක්ෂාව ඕනෑවෙලා තියෙන්නේ වැරැදි කරපු අයට... ඒ නිසා පරාණ බයෙන් ඉන්නවා ඇත්තේ? හිටපු ජනාධිපති කෙනෙකුත් කිව්වානේ තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතූයි කියලා...
ආණ්ඩුවේ උන් රඟපාන්නේ උන් කවදාවත් පරාද වෙන්නෙ නැති, සදාකාලික බලය හිමි උන් වගේ. රටේ අනාගතය විතරක් නෙමේ තමන්ගේ අනාගතය ගැන වත් හිතන්න අවබෝධයක් නැති මෝඩ සෙට් එකක්.
ඉතාමත් පැහැදිලියි දැන් ආන්ඩුව පාතාලේ පෙන්නලා විපක්ශේ එලිපිටම මරලා දානවා. කොහොමත් ඉස්සරහට බොරුව මිනිස්සු තේරුම් ගනිද්දී වෙන විකල්පයක් නෑ එයාලට.