(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතාට කැත්තකින් පහරදිමට තැත් කළ බව කියන පුද්ගලයෙකු අග්බෝපුර පොලිස් වසමට අයත් අග්බෝගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
මන්ත්‍රිවරයා රැගත් වාහනය එළුවන් සමූහයක් මැදින් ධාවනය වීමෙන් එළුවන් කුලප්පුවීම නිසා කෝපයට පත් එළුවන් දක්කාගෙන ගිය පුද්ගලයා බීමත්ව පහරදීමට තැත්කර ඇති බව මන්ත්‍රීවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා පැවසුවේ මන්ත්‍රීවරයා සමඟ පැමිණි පිරිසක් තමන්ට පහරදුන් බවත් ඒ හේතුවෙන් තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගනිද්දී පොලිසියෙන් පැමිණ අත්අඩංගුවටගත් බවත් ය.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ මහතා එම පහරදීම ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ කැත්තක් රැගෙන තමන්ට පහරදීමට පැමිණි පුද්ගලයා තම ආරක්ෂක නිලධාරීන් විසින් මෙල්ල කළ බවය.
ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා කන්තලේ මහේස්ත්‍රාත්අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අග්බෝගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ මතකය නිවැරදි නම් අඟල් 5 ඇණ සිහියට අාවා...
අනිවා ඒ අහිංසක මනුස්සයා මේ මදාවි මන්ත්‍රී ගහන්න ඇති. මාධ්‍ය පොඩ්ඩක් හොයලා බලන්න. මොකද මෙයාගේ ඉතිහාසයේ එච්චර හොඳ නෑනේ...
අඟල් පහේ පරාල මොනවද? ඊට වඩා දේවල් මෙතුමා කරලා තියෙනවා... ඇයි මගේ මතකයේ හැටියට කතානායක තුමාගේ බෑණා වෙන්න හිටිය කෙනාවත් මෙතුමා... අනේ මන්දා නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු. අනේ අහිංසක එලුරාල...
නාලන්ද එල්ලාවල ඝාතනයත් මතකයට එනවා.
පහත් තැනින් යයි ගලා ජලේ වේගයෙනි පහාත් තැනින් යයි ගලා ජලේ
දේශපාලකයන්ට ඕනෑම බොරුවක් ගොතලා පොලිසියට කියලා සාමාන්‍ය මිනිස්සු අත්අඩංගුවට ගන්න පුළුවන්.
අහිංසක මිනිහෙකුට බොරු චෝදනා කරන්නේ කවුරු කියලා හිතාගෙනද? ත්‍රිමාවිතාන, නාලන්ද එල්ලාවල කොහොමද මැරුණේ? ඇණ ගහලා, සිගරට් කොටවලින් පුච්චලා, රත්නපුර බස් ස්ටෑන්ඩ් එකේ ඇදගෙන ගියේ කව්ද? මුන්ට හෙණ ගහන්න ඕනේ...
ගම් පාරවලින් යනවිට ඕනෑම සංවර රියදුරකුම දන්නවා එලු හරක් පට්ටි පාරෙ යනවිට කොහොමද වාහනය හසුරවන්නෙ කියලා.
ඇග තිබුනට මොලේ නැත්නම් මොකද කරන්නේ
මීලග මැතිවරනයේදී ත්රීකුණාමලයෙන්ම ඉහල මනාපය දී පාර්ලිමේන්තුවට එවන්න
ලෝක කපටියෙක් සහ රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන මොහුගේ මස්සිනාට ත්‍රිකුණාමලයෙන් මුහුද අයිනේ රජයේ ඉඩම් නොමිලේ ලබාදීලා තියෙනවා. වගකිව යුත්තන් සොයා බලන්න...
මේවගේ මැරයෝ තමා අද පාර්ලිමේන්තුවට රිංගලා ඉන්නේ. ඉතින් රටට සෙතක් වෙයිද?
නාලන්ද වගේ වැදගතෙක් නැති වුණා. රටට ලොකු හානියක් වුණේ...
මෙයානම් හරිම අහින්සකයි.
හලෝ සුසන්ත තමුන් මන්ත්‍රී උනේ ජනතාවට සේවය කරන්නද ....ජනතාවගෙන් සේවය ලබන්නද ..........ඒ රටේ මැතිවරු තනිකර කෙලින්නේ පිස්සු ......