(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එහි ගෘහ කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වසරකට ලැබෙන වෛද්‍ය රක්ෂණ මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකි. එම මුදල ලක්ෂ දහයක් දක්වා වැඩි කළ යුතු බවට මෙලෙස යෝජනා ඉදිරිපත්ව ඇත.
සෑම මන්ත්‍රිවරයෙකු වෙනුවෙන්ම ලක්ෂ දෙකේ වෛද්‍ය රක්ෂණය වෙනුවෙන් මූලික මුදල ලෙස රුපියල් අසූ දහසක මුදලක් වැය කරනු ලබන අතර වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10 කිරීමට නම් සෑම මන්ත්‍රිවරයෙකු වෙනුවෙන්ම තවත් රුපියල් එක්ලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රජය අමතරව වැය කළ යුතු බව සඳහන් වේ.
කෙසේ වෙතත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීම රටේ ආර්ථික තත්වය හේතුවෙන් තවත් මාස කීපයක් ප්‍රමාද කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රියදුරන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවකට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ පූර්ණ එකඟත්වය පළවී ඇත.
යෝජනාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යොමු කිරීමටද එහිදී වැඩිදුරටත් තීරණය කෙරිණ.
මන්ත්‍රීවරයකුගේ රියැදුරකුට දැනට ලැබෙන්නේ රුපියල් 35,000 පමණ මූලික වැටුපකි. මෙම වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් වැටුප තවත් රුපියල් දහදාහකින් පමණ වැඩි කිරිම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු සැප දේශපාලකයන්ට තිබුණොත් ඇති.ජනතාවට කන්න බොන්න නැති වුණත්,හෙණ හත වැදිලා වැලේ වැල් නැතිවුනත් කමක් නැහැ.මේ රටේ වගේ තක්කඩි දේශපාලුවන් ලෝකයේ කොහේවත් නැතිව ඇති.
ලංකාවේ ආර්තික තත්වය මොකා මොනවා කීවත් රාජපක්සවරුන් ඉතාම ඉහල තත්යවකට පත් කරලයි තියෙන්නෙ. එහෙවු එකේ මම නම් හිතන්නේ මැති ඇමතිවරුන්ගේ පවුල්වල ලොකු කුඩා බේදයකින් තොරව සියලුම සාමාජිකයන්ට තමන්ගේ පුද්ගලික වියදම් සඳහා අවමය රුපියල් ලක්ශ දහය බැගින් ගෙවීම කාලෝචිත බව මගේ හැඟීමයි. මේ ඊට වඩාත් සුදුසුම කාලයයි. රටේ ජනතාවද ඊට එක හෙලාම එකඟ වන බව මම විශ්වාස කරමි. ජනාධිපති රනිල් රාජපක්ස මහතාගේ කාරුණික අවධානය පිනිසයි.
රක්ෂණය කරන්න නම් වටිනා නල්ල මලේ ජාතික සම්පත් මුන්
මෙරට ජීවත් විය යුත්තේ එක කොටසක් පමණද?
මන්ත්‍රීලාගේ රියදුරු මූලික වැටුප 35000 යි.අමතරව දීමනා කොපමණද කියලා පෙන්වා නැහැ ඒවා සමග 50000 ක් විතර වේවි .ඒවාට අමතරව මංත්‍රී සමග ගමනාගමනය වෙනුවෙන් සීමාවකින් තොරව ගමන් වියදම් දීමනා හා අතිකාල දීමනා ලැබෙනවා එතකොට ලක්ෂයකට ආසන්න වෙන්න පුළුවන් මංත්‍රී සමග යනවිට කෑම බීමට වියදම් නැහැ එහෙම තියෙද්දි මේ හිගන රටේ දරුවො මන්දපෝෂණයෙන් පෙලෙනවා කියලා ලෝකයේ විවිධ සංවිධාන කියනවා.ඉතින් තව තවත් තමුන්ගෙ එකාලටම බෙදාගනිල්ලා.
ජෙප්පෝ කුරුට්ටෝ මීක් නැහැ නේද?
මෙමැනි දෙවල් දැන දැනත් මුන්ට කඩේ යන එවුන් තවමත් ඉන්නවා දෙයියනේ
රටේ අහිංසක දුප්පත් මහඡතාව කී ලක්ෂයක් ඉන්නවද? ඇයි දෙයියනේ මේ ? වැඩි කලක්ද? මාස 4ක් 5ක් වගෙ ඉතාම සුළු කාලයකට කලින් උන දේ අමතක උන ගානට කොහොමද මෙහෙම කරන්නෙ. ඇත්තටම මේ වෙලාවට තමා හිතෙන්නේ, ලෝකයේ ධර්මය කියල දෙයක් ඇත්තටම තියෙනවද කියල. (සමා වෙන්න මෙහෙම කියනවට. ඒත් මේ වෙන දේවල් පේන කොට එහෙම නොහිතෙනවද)
සැප වැඩි කරගන්නවා වගේ නෙමෙයි සැප වමාරන්න වෙනකොට
මුන්ට මේ වගේ සැප වැඩිකරන එක IMF එකට පෙනෙන්නේ නැත්ද. උන්ටත් පේන්නේ අහිංසක ජනතාවට බර පටවන්නේ කොහොමද කියලා. මන්ත්‍රීවරුන්ගේ රියදුරන්ට අනිකුත් දීමනා සමග ලක්ශයකට වැඩිය ලැබෙනවා. සදහන් කරලා තියෙන්නේ මූලික වැටුප ගැන විතරයි. අනිත්වා ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ වලංගු මුදල් වලින් නෙමෙයිද.
69 ක් බයියෝ තාම බලන් ඉන්නේ නාමල් බේබි ඇවිත් කරනකම්
බයියොන්ට කන්නවත් නෑ
කරන කලට පව් සැප වුනාට විඳිනකොට රිදෙයි
. සාපි දොස්තරට කියල 225 දෙනාගෙම ගෑනුටික සිසේරින් සැත්කම කරවගත්තනම් දැනට ඉන්න උන්ගෙන් ළමයි පාරිමේනතුවට එන එක නවත්තගන්න පුලුවන්. ඒ නිසා වැඩිපුර දීලා හරි කමක් නෑ ඒ වැඩේ ගැන බලමු
පුදුමය නම් තවමත් මේ රටේ මිනිසුන් මෙවුන්ට කැමැත්තෙන් ඉන්න එකයි.
ජෙප්පො පෙරෙට්ටො අත් දෙකම උස්සල චන්දෙ දෙයි.
කකුළුවා දිය කෙලියේ සිටින්නේ මුට්ටියේ වතුර රත්වෙන තුරු පමණයි කියලා මතක් කරන්න ඕනෑ...
ගනිල්ලා ඇමැතිකම්... නුඹලාගේ දරුවන්ට තමයි ගෙවන්න වෙන්නේ... ආසයිනේ..
දූෂිත දේශපාලුවන්ට සැප ගන්න කියලා හිතාගෙන ඇති ජනතාව ඡන්දෙ දුන්නේ... එන්නේ නම් ජනතා නියෝජිතයින් ජනතාවට සේවය කරන කරන්න කියලා. බලයට ආවාට පස්සේ දූෂිත දේශපාලුවන්ට මොකවත් මතක නැහැ.
ඒ කියන්නේ IMF සල්ලි දැන්ම බෙදාගන්න පටන් අරන් වගේ...!
ඕක කාගෙ යෝජනාවක්ද කියලා නම්, ගම් එක්කම කිව්වනං තමයි හොද අපිටත් දැනගන්න.
ලක්ෂ 100 ම කරගත්තා නම් ඉවරයි දැන්මම..
ජෙප්පො කවද්ද රජයක් පිහිටුවන්නේ? මෙපමණ කාලයකට බැරි වුණු දෙයක් දැන් කොහේ ලැබෙනවාද? ජෙප්පො, කුරුට්ටෝ කරන්නේ රට විනාශ කරන එක. රට ඉහළට යාගෙන එද්දී කකුලෙන් ඇදලා වට්ටනවා. ඒ තමයි ඒ අයගේ කුහක ප්‍රතිපත්තිය. ඒ තරම් තිරිසන්නු... පාර්ලිමේන්තුවට එන හැම වාරයකදීම මොනවා හරි අටමඟලයක් අරන් කෑගහනවා. එකතුව වැඩ කරන්න ඔය 6 දෙනාටම හිත නැහැ. සඡබටත් ඒ ගති ඇති වේගෙන එනවා දැන්... ඔය සේරම ඉවරයි 69 ලක්ෂය පාරට ආ දාට.. ජෙප්පො, කුරුට්ටො, සඡබයට විරුද්ධව...
නිවන් සැප ළංවෙයි යමපල්ලන්ට..!
නන්දසේන එළෙව්වා වගේ සෙට් එකම එළවන්න ඕනෑ. අරගලයට ජයවේවා..!
රටේ සෞඛ්‍යය නොමිලේ නේද? මොවුන්ට පෝලිමේ ඉන්නේ නැතිව බේත්ගන්න ඉඩ දුන්නාම හොඳටම ඇති... කජු ඇටද, කොස් ඇටද මේ විදියට වියදම් කරන්නේ. හරියට බැලුවොත් රටේ මුලු ආදායමම මොවුන්ට වියදම් වෙනවා. රට ඉතුරු වුණා ඇති මෙහෙමවත්...
ස්වයං සේවාව...!