
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද අහෝසි කිරීමට මේ දිනවල නීති සම්පාදනය කරගෙන යන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙම නීති අතීතයටද බලපාන පරිදි ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේය. දේශපාලනඥයන් ජීවත් කරවීම ජනතාවගේ වගකීමක් නොවන බව අමාත්‍යවරයා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ බලපිටිය ප්‍රධාන තැපැල් කාර්යාලයට ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් වෙන්නේ පූර්ණ කාලීන දේශපාලනය කරන්න කෙනෙක් නැතිවෙන එක, කවුරුවත් විශ්‍රාම වැටුපක් හෝ විශ්‍රාම ගියාම ජීවත් වෙන්න ක්‍රමයක් නැත්නම් දේශපාලනය කරන්න එන්නේ නැහැ. දැනටත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට එහෙම විශ්‍රාමයක් ගෙවන්නේ නැහැ. ඒත් අපි කවුරුත් දන්නවා දූෂණ ඉතාම ඉහළ එම මන්ත්‍රී වරුන්ගේත් තමයි. සිංගප්පූරුවේ දේශපාලකයින්ට, ජනාධිපති අගමැති සඳහා ගෙවනවා ඉහළම විධායක නිලධාරී වැටුප, එක නිසා ඉතාම උගත් මිනිස්සු බයක් නැතිව සේවය දෙනවා. ඉතින් අනිත් පක්ෂ වලට ලොකු අරමුදල් නැහැ, වැටුප් ගෙවන්න බැහැ. ඉතින් අපේක්ෂකයන් හොයාගන්න එක අමාරු වෙනවා.. විපක්ෂය හේදිලා යනවා. දැන් මේ හිඩැස පුරවන්න වෙන්නේ පක්ෂයෙන් දීමනා ගෙවන නිසා ආදායම් මාර්ගයක් තියෙන ජවිපෙ මන්ත්‍රීවරුන්ගෙන් පමණයි. ජවිපෙ කියන්නේ ලංකාවේ විශාලම අරමුදලක් හිමි පක්ෂය, අපට අහන්න ලැබිලා තියෙනවා කෝටි 700 තරම් විශාල අරමුදලක් තිබෙනවා කියලා.
මරුනේ ඇමැතිතුමෝ...! අන්න මේවයි වැඩ කියන්නේ...
ශෝක් දැන් පොදු ජනයාට බලාගන්න පුළුවන් වේවි...
බොහොම හොඳයි. මේකත් සම්මත වුණාට පස්සෙ තෙල් මිලයි, විදුලි බිලයි දෙකම අඩුවෙයි.
පර්ලිමෙන්තුව යනු ආදායම් උපයන මාර්ගයක් නොවේ. ගරු සමාජ සේවයකි. එනිසා පඩි ගෙවීමක් සිදුනොවිය යුතුය. රටට ඩොලර් එවන රට සේවය කරන රටවිරුවන්ට වියපත් දීමනාවක් ගෙවන්න .ඒක ඉතා පින් සිදු සත් ක්‍රියාවකි. රට සේවය කරන ශ්‍රමික විරුවන්ට බදු රහිතව තම පවුලේ කටයුතු සදහා වාහනයක් අපේ රටට එවන්න ඉතා හොද චේතනාවකි. මේ රටේ සියලු පුරව්සියන් වෙනුවෙන් ද රටේ අනාගත ස්තාවර බවට ද ඩොලර් එවන විදෙර්ශ අපේ සහුර්දයන් ට හොද අනුග්‍රහයක් රජය කල යුතුය.
මන්ත්‍රීධූරය, අමාත්‍ය ධුරය, ජනාධිපති–අගමැති ධුරය රස්සාවක් වත් වෘත්තියක් වත් නෙවී. එය රට වෙනුවෙන් කරන සේවයක් . ඒ සේවයකට විශ්‍රාම වැටුප් ඕනේ නැහැ තමයි.
මුන් කොරහත් බිදගෙන යන්න අදන්නෙ බොරු මවා පෑම් දාලා
1948 නිදහස ලැබුණ දින සිට 1976 වෙනතුරු මේ රටේ මහජන නියෝජිතයන්ට විශ්‍රාම වැටුප්, බදු රහිත වාහන පහසුකම්, ඉන්ධන දීමනා වගේ සුවිශේෂ වරප්‍රසාද ලැබුණේ නැහැ. 1977 බලයට පත් උන ජේ.ආර්. නැමති පාලකයා තමයි මේ රට සහ රටේ දේශපාලන විනාශ කෙරුවේ, වංචාව හොරකම හා දූෂණය අනීතිකව නීතිගත කරලා, නිකං හිටියේ නැහැ. ඔවුන්ට සියලු වරදාන හා වරප්‍රසාද ද නොමසුරුව දෙන්න කටයුතු කෙරුවා. එහෙම කෙරුවේ රට හදන්න තියෙන උවමනාවට නොවේ. තමන්ගේ ඒකාධිපති කුරිරු පාලනයට එරෙහිව නැගී එන ජනතා හඩ මර්ධනය කරගන්න අවශ්‍ය සහාය ලබා ගන්නයි. ඒ නිසා තමයි මන්ත්‍රිවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි පවා අරගෙන තම සාක්කුවේ දමා ගත්තේ. එහි ප්‍රතිවිපාක ලෙස අපට ලැබුණේ සීග්‍රයෙන් ණය බරින් මිරිකි ආර්ථික ප්‍රපාතයකට වැටුණු රටක්ය. දැන් නැවත මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න නම්, රටේ දේශපාලනයද යතා තත්වයට පත්කිරීම කිරිම අත්‍යාවශ්‍යයි. ඒ සදහා වංචාව දූෂණය හා නාස්තිය පමණක් නොවෙයි. දේශපාලකයින්ගේ අධි වරප්‍රසාද අහෝසි කළයුතු වෙනවා.
අපරිණත බවේ ප්‍රදර්ශනීය ලක්ෂණ. අභිප්‍රේරණය නොමැති තැන ප්‍රතිඵල හීනවේ. එසේම වැරදි ක්‍රියා සඳහා අනුබල ලබාදේ. අවු:20ක තරුණ කොටසක රැඩිකල් ලක්ෂණ රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණයට කිසිසේත්ම නොගැලපේ...
76 න් පසු සමාජගතකළ චෞර කල්ලියේ ප්‍රජනන යාන්ත්‍රණය මුලිනුපුටා දැමීම කාලීන ප්‍රමුඛ කාර්ය භාරයකි