IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මන්ත්‍රී බංගලා කුලිය ’’රිවර්ස්’’



(සුජිත් හේවාජුලිගේ)

මාදිවෙල මන්ත්‍රී බංගලාවල කුලිය තවත් වසර දෙකක් යනතුරු වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

මෙම මන්ත්‍රී නිල නිවාසයක මාසික කුලිය රුපියල් 2000කි.

මන්ත්‍රීවරුන්ගේ කෑම බිල වැඩි කරන අවස්ථාවේදී මෙම නිල නිවාස කුලියද වැඩි කරන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු විවිධ කණ්ඩායම් පසුගිය කාලයේදී රජයෙන් දැඩිව ඉල්ලීමක් කළේය.

මාදිවෙල  මන්ත්‍රී බංගලාවල මාසික කුලිය  වසර දහයකට වැඩි කාලයක් තිස්සේ සංශෝධනය වී නැතැයි දැනගන්නට ඇත.මාදිවල මන්ත්‍රී බංගලාවල මන්ත්‍රීවරුන් එකසිය විස්සකට වැඩි පිරිසක් දැනට රැඳී සිටිති. ඉන් වැඩි පිරිසක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු වෙති.

කොළඹින් නිවාස ඉල්ලූ සියලුම මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මේ වනවිට ගෙවල් ලබාදී අවසන් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය. මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මෙසේ නිවාස ලබාගෙන ඇති වැඩි පිරිසක් ඈත දුර බැහැර මන්ත්‍රීවරු  වෙති.



 

 



අදහස් (1)

මන්ත්‍රී බංගලා කුලිය ’’රිවර්ස්’’

ගුණරත්න Sunday, 30 March 2025 05:32 PM

ඔය පෙනෙන්නේ ආණ්ඩුවේ ලොක්කන්ට සුඛ විහරණය ටික ටික දැනෙන්න ගන්න හැටි. කලින් කිව්වේ බස් එකේ කෝච්චියේ අපි එන්නම් කියල, ඒ කාලේ කිව්වා ඔය බංගලා විකුනනවා කුලියට දෙනවා කියල ඒ මොකුත්ම නැහැ කලින් කිව්වා ආණ්ඩුවේ වාහන සුඛෝපභෝගී වාහන විකුණා දමනවා කියල, එත් විකුණලා තිබ්බේ පරණ ලොරි කබල්, ලදරම් වාහන `15ක් විතරයි. කෝ අනිත් වාහන? දැන් ඒවා පැට්‍රල් බොන වාහන නෙවෙයිද?

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site