
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපින සහ දුරකතන අංක පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් හදිසියේම ඉවත් කරනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම අනුව එම විස්තර මෙසේ ඉවත් කෙරුණු බවයි.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සටහන්වී තිබූ මන්ත්‍රීවරුන්ගේ දුරකතන අංකවලට පසුගිය කාලයේදී විවිධ පුද්ගලයන් විසින් දුරකතන ඇමතුම් ලබාදී ඔවුන් අපහසුතාවයට ලක්වන ආකාරයෙන් කටයුතු කරන ලදැයි කියන සිද්ධීන් ගණනාවක් පිළිබඳවද තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.
එසේම මහජන ප්‍රසිද්ධියට පත් කෙරෙන වෙනත් ලියකියවිලිවලද මන්ත්‍රීවරුන්ගේ ලිපින සහ දුරකතන අංක ඇතුළත් කිරීම තාවකාලිකව නතර කර ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑම අතළඟ බව දන්න හින්දා...
හොරුන්, කප්පම්කාරයන්, පාතාලයින්, කුඩ්ඩන් වගේම ඔවුන්ට මොන ආරක්ෂාවද?
ගිය සැරේ නම් ගෙදර විතරයි, මේ සැරේ නම් පණ කෙන්දටත් මොන සංගෙඩියක් වෙයිද දන්නේ නැහැ..
දියවන්නාවේ ඉන්න ඔය මහලොකු ඔලුබක්කන් ඇතුළු හොරු 225 දෙනාගේ ආරක්ෂාව කොහොම වුණත් අපේ රටේ සහ දරුවන්ගේ යහපත උදෙසා ඔය 225 දෙනාවම ගහලා පන්නන්න ඕනෑ...