IMG-LOGO

මන්ත්‍රී ආරක්ෂකගේ පිස්තෝලය අතුරුදන්

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)

රත්නපුර  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  අකිල සාලිය එල්ලාවල මහතාගේ  ආරක්ෂක නිළධාරියෙකුට  අයත්  සේවා අවිය (පිස්තෝලය) අස්ථාන  ගත  වි ඇති  බවට එම ආරක්ෂක  නිළධාරියා  විසින්  අද (14)  බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබේ.

ප්‍රභු ආරක්ෂක නිළධාරියෙකු ලෙස  සේවය  කරන   එම  නිළධාරියා  එම  ගිනි අවිය බෑගයක  දමා අකිල සාලිය එල්ලාවල මහතාගේ බලන්ගොඩ  පිහිටි  නිවසේ  ආරක්ෂක අංශයට අයත්  කාමරයක  තබා මීට  දින කිහිපයකට  පෙර  නිවාඩු ගොස් ඇතැයි පැමිණිල්ලේ සදහන් බව පොලිසිය පැවැසීය. 

නැවත සේවයට  පැමිණි  ගිනිඅවිය ගැනිමට  යෑමේදි එම  ගිනි අවිය නොමැති බැවින්  මේ සමිබන්දයෙන් බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසියේ වැඩ  බලන ස්ථානාධිපති  පොලිස් පරික්ෂක ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති  පොලිස් පරික්ෂක  පුෂ්පකුමාර ඇතුළු නිළධාරින් පිරිසක් පරික්ෂණ සිදු කරති.



අදහස් (2)

මන්ත්‍රී ආරක්ෂකගේ පිස්තෝලය අතුරුදන්

ලසන්ත Tuesday, 14 March 2023 07:38 PM

අකාර්යක්ෂමතාවය අනවධානය රාජ්‍ය සේවය අපකීර්තියට පත්කිරීම නොසැලකිල්ල අවංකභාවය නැතිකම වගේ විනය ප්‍රශ්න තියෙනවා සමහර විට මොහු ආයුධය කාටවත් දීලා නැතිවුණාද කියලා සැකයක් තියෙනවා කොහොම වුනත් භයානක දෙයක් වෙන්න පුළුවන්

:       0       0

පැරකුම් Wednesday, 15 March 2023 12:53 AM

ගිනි අවිය රැකගන්න බැරි නම් ප්‍රභූ ආරක්ෂාව හබක් තමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 906 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1304 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site