(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතාගේ ආරක්ෂක නිළධාරියෙකුට අයත් සේවා අවිය (පිස්තෝලය) අස්ථාන ගත වි ඇති බවට එම ආරක්ෂක නිළධාරියා විසින් අද (14) බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබේ.
ප්‍රභු ආරක්ෂක නිළධාරියෙකු ලෙස සේවය කරන එම නිළධාරියා එම ගිනි අවිය බෑගයක දමා අකිල සාලිය එල්ලාවල මහතාගේ බලන්ගොඩ පිහිටි නිවසේ ආරක්ෂක අංශයට අයත් කාමරයක තබා මීට දින කිහිපයකට පෙර නිවාඩු ගොස් ඇතැයි පැමිණිල්ලේ සදහන් බව පොලිසිය පැවැසීය.
නැවත සේවයට පැමිණි ගිනිඅවිය ගැනිමට යෑමේදි එම ගිනි අවිය නොමැති බැවින් මේ සමිබන්දයෙන් බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පුෂ්පකුමාර ඇතුළු නිළධාරින් පිරිසක් පරික්ෂණ සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකාර්යක්ෂමතාවය අනවධානය රාජ්‍ය සේවය අපකීර්තියට පත්කිරීම නොසැලකිල්ල අවංකභාවය නැතිකම වගේ විනය ප්‍රශ්න තියෙනවා සමහර විට මොහු ආයුධය කාටවත් දීලා නැතිවුණාද කියලා සැකයක් තියෙනවා කොහොම වුනත් භයානක දෙයක් වෙන්න පුළුවන්
ගිනි අවිය රැකගන්න බැරි නම් ප්‍රභූ ආරක්ෂාව හබක් තමයි.