IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මැනිං මාරකැට්ටුවේ කළුකඩ වෙළෙදාම නවත්වයි

(මහින්ද නිශ්ශංක)

පිටකොටුව මැනිං වෙළඳ පොළේ ඇතැම් වෙළඳුන් තුන් හතර ගුණයක් වැඩි මිලට එළවළු තොග අලෙවි කිරීම පාරිභොගික අධිකාරිය මඟින් අද (26) වළක්වනු ලැබීය.

අධික මිලට එළවළු තොග අලෙවි කරන බවට ලැබුණු පැමිණිලි මත පාරිභෝගික අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද එහි ගොස් ඇතැම් වෙළඳුන්ගේ එම ක්‍රියාකලාපය නතර කෙරිණි.

එළවළු  අධික මිලට විකිණීම හේතුවෙන් එළවළු මිලට ගැනීමට පැමිණි වෙළඳුන් මැනිං වෙළ`ද පොළේ වෙළදුන්ගේ එම අසාධාරණ ක‍්‍රියාකලාපයට විරෝධය දැක්වු අතර එම අවස්ථාවේ වෙළඳුන් අතර නොසන්සුන්තාවයක්ද හටගැණින.

පසුව පාරිභෝගික අධිකාරීයේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුළු නිලධාරීන් මැනිං වෙළ`ද සංගමය සමඟ සාකච්ඡා කොට සාධාරණ මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීමටද ඔවුන් එකඟ වු බවද අධිකාරිය පවසයි.

ඊයේ මැනිං වෙළඳ පොළේ ඇතැම් වෙළඳුන් එළවළු කිලෝවක් රුපියල් 350/- ත් 450/-ත් අතර මිලකට අලෙවි කළ බවද අධිකාරිය පවසයි.

වෙළඳ සංගමය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඔවුන් විසින් එළවළු සාධාරණ මිලක් යටතේ අද (27) සිට එළවළු අලෙවි කිරීමට එකඟ වු අතර සංගමය මඟින් නියම කළ මිල ගණන් වලට අධිකාරීයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව කැරට් කිලෝවක් රුපියල් 150/- කටද, බෝංචි කිලෝවක් රුපියල් 120/- කටද, ලීස් කිලෝවක් රුපියල් 120/- කටද, බීට් කිලෝවක් රුපියල් 80/- කටද, අළු කෙසෙල්, වට්ටක්කා කිලෝවක් රුපියල් 70/- බැගින්ද අමුමිරිස් කිලෝවක් රුපියල් 200/- කටද, වම්බොටු සහ කරවිල කිලෝවක් රුපියල් 100/- බැගින්ද දෙහි කිලෝවක් රුපියල් 150/- කටද, පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 50/- කටද, යන තොග මිල ගණන් යටතේ හෙට (27) සිට අලෙවි කිරීමටද වෙළඳ සංගමය තීරණය කොට ඇත.

මේ අවස්ථාවට පාරිභෝගික කටයුතු අධිකාරියේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්‍ෂ ඒ.ඒ. ජසුර් සහ විමර්ශන නිලධාරී අරවින්ද ශාලික යන මහත්වරුද එක්වුහ.

 

 

 

 



අදහස් (0)

මැනිං මාරකැට්ටුවේ කළුකඩ වෙළෙදාම නවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 52 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 881 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site