IMG-LOGO

මාධ්‍යවේදී නිමල් ජයරත්නට මරණ තර්ජන

(විශේෂ වාර්තාකරුවකු) 

ඓතිහාසික දිඹුලාගල ආරන්‍ය සේනාසනයේ කොස්ගහ උල්පත නිධන් හැරීමේ සිද්ධිය වාර්තා කළා සේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ  නිදන් සෙවීමේ සිද්ධියත් වාර්තා නොකළ හොත් තමා ඇතුළු පවුලේ සියලු දෙනා වෙඩි තබා මරා දමන බවට නිර්ණාමික දුරකතන ඇමැතුමක් දුන් බවට ලංකාදීප මනම්පිටිය ප්‍රාදේශීය මාධ්‍යවේදී නිමල් ජයරත්න මහතා මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කළේය.

බිරිය සහ දරුවාටද වෙඩි තබා මරණ බවට ඊයේ රාත්‍රී 10.00ට පමණ එම දුරකතන ඇමැතුම ලැබුණු බව ද ඔහු  පැමිණිලි කරමින් පොලිසිය කියා ඇත. තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැන වදිමින් විනාඩි හතර හමාරක පමණ කාලයක් එම ඇමැතුම පවත්වාගෙන ගිය බව ද නිමල් ජයරත්න මහතා පොලිසියට පවසා ඇත.

ඓතිහාසික දිඹුලාගල ආරන්‍ය සේනාසනයේ වැඩ වාසය කළ හිමිනමක හදිසි රිය අනතුරකින් අපවත් වූ පසු  එම භික්ෂූන් වහන්සේගේ ආවාස ගෙය තුළ නිදන් හෑරූ සිද්ධිය මුල් කර ගනිමින් මෙම තර්ජනය කළ පුද්ගලයා ආරක්ෂක අංශයකට සම්බන්ධ පුද්ගලයකු බවට ඉඟි මගින් පවසා ඇත.

දිඹුලාගගල ආරණ්‍ය සේනාසනයේ කොස්ගල උල්පත ප්‍රදේශයේ නිධන් හැරූ යුද හමුදා විශ්‍රාමික සෙබලුන් කණ්ඩායමක් ගැන වාර්තා කළ සේ  දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ආවාස ගෙයි නිදන් කොල්ලය ද මාධ්‍යයට වාර්තා කළ යුතු බව එසේ නොකළහොත් මුළු පවුලම මරා දමන බවට තර්ජනය කර ඇත.

එම දුරකතන සංවාදයට අදාල හඬපටයට ද තමා සන්තකයේ ඇතැයි පැමිණිලි කරමින් නිමල් ජයරත්න මහතා පොලිසිය කියා ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන බව මනම්පිටිය පොලිසිය කියයි.

පොලොන්නරුව අවට සිදු වූ වංචා දූෂණ, ඉඩම් මංකොල්ල කෑම්, නිධන් හැරීම් අතුළු සමාජ විරෝධි ක්‍රියා රැසක් නිමල් ජයරත්න මහතා මාධ්‍ය මගින් පාලකයන් දැනුම්වත් කළ ක්‍රියාකාරි මාධ්‍යවේදියකි.  එම වාර්තා නිසා ඇතැමි සමාජ විරෝධි ක්‍රියා නතර කිරීමට හැකි වූ බව පොලොන්නරවේ පිරිස් පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සමාජ මාධ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක කාංචන කුමාර ආරියදාස මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ප්‍රවෘත්ති වාර්තා කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් රටේ සමාජයේ බරපතල ප්‍රශ්නයක් මතුව ඇති බවයි.  එම නිසා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ සංගම් කීපයක් මේ වන විට සාකච්ඡාවක් පවත්වා ඇතැයි ද ඔහු කියයි.



අදහස් (2)

මාධ්‍යවේදී නිමල් ජයරත්නට මරණ තර්ජන

Bunny Preena Tuesday, 07 March 2023 04:16 PM

කවුරු ඔලුවෙන් හිටගෙන කීවත් නිදහස් සහ සාධාරණ මාධ්‍ය කලාවක් ලෝකේ කොහෙවත් නැහැ.ප්‍රධාන සංස්කාරක සහ ප්‍රධාන කතෘට උවමනා විදියටයි මාධ්‍ය පවත්වාගෙන යන්නේ

:       0       0

කමල් සුරවීර Tuesday, 07 March 2023 07:08 PM

මාධ්‍යවේදීන් හට තර්ජනය කිරීම හා බාධා කිරීම අද සාමාන්‍යකරණය වෙලා.මාධ්‍ය සංගම් මේ පිළිබඳව අවදියෙන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 407 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 979 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1358 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site