(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගිණුමකින් රුපියල් 2,420,162 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් නාවික සෙබළෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි.
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ආරම්භ කර තිබූ ගිණුමකින් අවස්ථා ගණනාවකදී සැකකාර සෙබළා විසින් චෙක්පත් මගින් මෙම වංචාව සිදුකර ඇත.
නාවික හමුදාවේ ලුතිනන් වරයෙකු ඉකුත් 20 වෙනි දින කරන ලද පැමිණිල්ලකින් අනතුරුව විමර්ශන ඒකක 01 ස්ථානාධිපතිවරයා විසින් සැකකාර සෙබළා කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත ගෙන්වා සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ඔහු වංචා කරන මුදල ඔහු පදිංචි පස්සර ප්‍රදේශීය රාජ්‍ය බැංකුවක තැන්පත් කර ඇති බවටද අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ සේවා වනිතා ඒකකයට අනුයුක්ත 38 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්
කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැය
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ගෙන ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටුවන බව සභානායක අමාත්‍ය බිමල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මුදල් වංචාවකට නාවික සෙබළා අත්අඩංගුවට