අජන්ත කුමාර අගලකඩ
මුදල් නොමැතිවීම හේතුවෙන්, අමාත්‍යංශවල, දෙපාර්තමේන්තු හා රජයේ සංස්ථා මණ්ඩලවල කටයුතු කරගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ.
මේ තත්වය මත එම ආයතනවල අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම ද බරපතළ ගැටලුවක් වී ඇතැයි ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සඳහන් කළහ.
ඇතැම් ආයතනවල එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සොයා ගැනීම මෙන්ම,අත්‍යවශ්‍ය සේවකයන් සදහා අතිකාල දීමනා ගෙවීම් ආදිය ද බරපතළ ගැටලුවක් වී ඇතැයි දැනගන්නට ඇත.
අමාත්‍යංශවල අලුතෙන් ව්‍යාපෘති ආරම්භ කිරීම පමණක් නොව, ආරම්භ කළ ව්‍යාපෘති පවා පවත්වාගෙන යෑමද බරපතළ අර්බුදයක් වී ඇතැයි වාර්තා වේ.
මේ අතර ,සෞඛ්‍ය ,අධ්‍යාපන ,මහාමාර්ග ,නිවාස ආදී අමාත්‍යාංශවල ,කොන්ත්‍රාත් කරුවන් හා සැපයුම්කරුවන් වෙත ගෙවීමට ඇති හිග බිල්පත් ප්‍රමාණය කෝටි විසිදහසකට අධික බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි
රජයේ සංස්ථා-මණ්ඩල ගණනාවක සේවක වැටුප් ගෙවීම ද මේ වන විට බරපතළ අර්බුදයකට ලක්ව ඇත
මේ අතර ,රාජ්‍ය බැංකු දෙකෙන් මුදල් නිදහස් නොකිරීම හේතුවෙන් වී අලෙවි මන්ඩලය වී මිලදී ගැනීම ද මේ වන විට නතර කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු අනේ සමහර ආයතනය එක එක නම් වලින් ලොකු ලොකු තනතුරු හදගෙන ලොකු ලොකු පඩි ගන්නවා. සමහරු පුටු සහ පුපවල් රත්කරකර ඉන්න අය ලග තියාගෙන මහජන මුදල් කාබාසිනියා කරනවා. මේවා හොයලා ඈවරකරලා දාන්න.
මොන පිස්සුද? රාජය තාමත් සල්ලි නාස්ති කරනවා ඕන තරම්. බලන්න තාමත් කොච්චර පරිගනක අලුතෙන් මිලට ගන්නවද කියලා. වාහන පාවිච්චි කරනවද කියලා. තාමත් අදාල නැති එව්වොන්ව ගොදර යවන්නේ නැතුව සේවා දිගු දෙනවාද කියලා. තාමත් මේක හරි ට්‍රැක් එකේ නැහැ.
රාජ්‍ය ආයාතනවල අත්‍යාවශය කටයුතු පවා පවත්වාගෙන යාමට පවා මුදල් නැති අවස්ථාවලදි පවා මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ වාරිකය මාසකයට රුපියල් 150000.00 කින් පමණ වැඩි කිරීමට අනුමැතියදී ඇති බව මෙහිම ප්‍රවෘත්තියක් දැක්කා.
හොඳ වැඩේ, පින්පඩි ගන්න අදාල ආයතනවලට ගිය සේවකයින්ට පඩි ගෙවීම ප්‍රමාදවෙන තරමට රස්සාව දාලා යාවි. රටට හොඳයි..
රටේ මුදල් ඇතිතරම් මංකොල්ල කාලා රට බංකොලොත් කළ අය තාමත් මහජන මුදලින් නඩත්තු කරනවා. මේ කම්බ හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. පොහොට්ටු අන්ධයින්, හොරුන් හා මංකොල්ලකාරයින් රකිනවා. ඇතැම් දුසිල් බමුණන් හොරුන්ට ආශීර්වාද කරනවා. ශීලය නැති ආශිර්වාදයෙන් වැඩක් නොවුණත් රටේ ජනතාව නොමග යෑමෙන් රට කෑ අය ආරක්ෂා වෙනවා. මේ රටෙන් හොරා කෑ සියලු දේ නැවත ලබාගත යුතුව ඇත.
ඒ වුණාට ඇමැතිවරුන්ගේ නම් වියදම් අඩුවෙලා නෑ...
තව ඇමතිකම් 50-100 දුන් නාමල්?
දැන්වත් පාර්ලිමේන්තුව විසුුරුවා හැරලා මැතිවරණයක් තිබ්බා නම් නේද? හොඳ කියන එක තමයි ඇඟට ගුණ...!
තව ඇමැතිවරු ටිකක් පත්කළානම් හරි නේද?
රටට කිසිම බරක් නැතිව තවත් ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරු ටිකක් පත්කර ගත්තා නම් මුදලුත් ඉතුරුයි... වැඩ ටිකත් කෙරෙයි.
හැම මැති ඇමැති අගමැති ජනාධිපති කමක්ම, ‘‘ස්වයං සේවාවන්‘‘ බවට පත්කෙරුවා නම් මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ නේද?
රටම බංකොළොත් කරපු දූෂිත දේශපාලුවන් මේ හැම දේකටම වගකිව යුතුයි. තව තවත් අලුතින් ඇමැතිකම් දීලා දූෂිතයින් ටික රැකගත්තාම ඔක්කොම හරියයි.
රටේ මෙච්චර මුදල් අර්බුදයක් තියෙද්දීද , හතරවටේට ඇමැතිකම් බෙදන්නේ? ජනාධිපතිතුමා ලෝකය වටේ සවාරි යන්නේ?
මොනතරම් කිව්වත් "බීරි අලින්ට වීණා වයනවා වගේ" තමයි. වගේ වගක් තියේයැ? අරගල කලාලු මොකක්ද වුණේ? රනිල්ට හරි ගියා. අපි හිටියැයිනුත් පහළට වැටුණේ... මෙන්න මේ වෙලාවට තමයි මරාගෙන මැරෙන කල්ලි වැඩ පෙන්වන්න ඕනෑ...
ඕක මොකක්ද පසුගිය කාලයේ රටම නැවතිලා තිබුනා කියලා අමතකද කලාතුරකින් කෙනෙක් දණගාන්නෙ නැතුව නැගිටිනවා.නමුත් ලංකාව නැමැති රෝගියා සිටියේ මරණාසන්න අවස්ථාවෙ කියලා නොදන්නා කෙනෙක් නැහැ ඉතින් ටිකින් ටික නැගිටිනවා මිස එකවර නැගිටින්න බැරුවා
මම ඔබේ OT, ලිපි ද්‍රව්‍ය, වැටුප් යනාදිය ගැන තැකීමක් නොකරමි. මම රැජිනගේ අවමංගල්‍ය කටයුතු සඳහා එංගලන්තයට යනවා!
වත්මන් රජයට බියගම මුද්‍රණාලයෙන් කලින් කළ පරිදි නෝට්ටු මුද්‍රණය කිරීම සහ කාසි සෑදිය හැකිය!!!!!!!
අරගලයෙන් මොඩයයි තක්කඩියයි එලෙව්වේ නැත්නම් මෙයට වඩා විනාශයක් රටට වෙලා
රාජ්‍ය ආයතන විධිමත්ව කලමනාකරනය කරන්න වැඩ කරන පැය ගණන ට නොව වැඩ කරන ආකාරයට ගෙවීම කරන්න. වෙනස දකීවි
දේශපාලුවන් විසින් රටම විනාශ කළා .ඒවායේ පලවිපාක තමයි මේ
පෞද්ගලික ආයතන වල සේවකයන්ගේ වැටුප් වැඩි කලයුතුයි
එකම විසඳුම රට යාමයි
මිනිස්සු ජීවත්වන්නේ කොහොමද කියන එක ගැන දේශපාලුවන්ට කිසිම ගානක් නැත.ඒත් වහල්ලුන්ට මේවා නොපෙනේ
පවුල්වාදයෙන් අපට ලැබුණු ප්‍රතිඵල..!