
(ඩයනා උදයංගනී)
අධිකරණය ලබාදුන් තීන්දුවට අනුව මැතිවරණයට මුදල් ලබාදෙන්නේ ද යන්න ගැන ජනාධිපතිවරයා රටට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු යැයි මාර්තු 12 ව්‍යාපාරය පවසයි.
මේ වන විට ජනාධිපතිවරයා විවිධ ආයතන ව්‍යුහයන් පාවිච්චි කරමින් මැතිවරණය කල්දැමීම සඳහා විවිධ උපායමාර්ග 30කට වැඩි ප්‍රමාණයක් ගෙන ඇති බවත්, ඉදිරියේදීත් ඔහු එවැනි ක්‍රියාමාර්ග ගන්නවා නම් එය අධිකරණයට කරන අගෞරවයක් බවත් මාර්තු 12 ව්‍යාපාරය නියෝජනය කරමින්, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මැතිවරණය සම්බන්ධයෙන් ඇමතිවරු විවිධ ප්‍රකාශ කළත් මේ ක්‍රියාවලිය පිටුපස සිටින ප්‍රධාන භූමිකාව ජනාධිපතිවරයා බැවින් මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා රටට පැහැදිලි ස්ථාවරයක් ප්‍රකාශ කළ යුතු යැයි ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ මාර්තු 12 ව්‍යාපාරය මගින් කොළඹ දී අද (7) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
රටේ පාලකයන් ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කී හෙට්ටිආරච්චි මහතා, අධිකරණ නියෝගය සම්බන්ධයෙන්වත් ජනාධිපතිවරයා කිසිඳු ඍජු ප්‍රකාශයක් කර නැතැයි පැවසීය.
ආණ්ඩුව මැතිවරණය කල්දැමීමට විවිධ උත්සාහයන් ගනිමින් තිබුණත්, එම බාධා මැඩගෙන මැතිවරණයක් ලබාගැනීම සඳහා සියලු දේශපාලන පක්‍ෂ නායකයන් එක්තැනකට ගෙන්වා ලබන 9 වැනිදා සර්ව පාක්‍ෂික සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්තු 12 කට්ටියට සල්ලි එන්නෙ කොහෙන්ද කියල හොයලා බැලුවොත් නරකද?
කොහේ තිබෙන මුදල්ද දෙන්නේ...? ඉලක්කම් වලින් මුදල් වෙන්කළේ අවශ්‍ය වුණොත් සල්ලි අච්චු ගහන්න බලාගෙන වෙන්න ඇති. දැන් IMF එක සල්ලි අච්චු ගහන්න දෙන්නේ නැහැ. ෆොටෝ කොපි තමයි ගහන්න වෙන්නේ...!
තමන්ගෙ අසමත් කම වසාගැනීමට චන්ද්‍රිකා කාලයේ සිට වසරකට දෙකකට වරක් මැතිවරණ පැවැත්වීම ආරම්භ කලා එහෙම අවස්ථා නිසා සමහරක් එන්ජීඕ කට්ටි උපරිමයෙන් පෝෂණය වුනා ඉතින් මැතිවරණ නැතුව ගියාම විවිධ උපක්‍රම කරල ජනතාවගේ ඡන්ද අයිතිය නැතිකරනවා කියලා උදර පෝෂණය සදහා විවිධ අදහස සමාජ ගත කරනවා ඇත්තටම සාමාන්‍ය ජනතාව මැතිවරණ ඉල්ලන්නෙම නැහැ හිතා බලන්න දැන් කරන්න ඕන මැතිවරණ පැවැත්වීමද නැත්නම් රට වැටී තිබෙන තත්වයෙන් ගොඩට ගැනීමද කියලා .මම සත්‍යම කතාවක් කියන්නම් ඉස්සර ගමක හිටියා මුදළිහාමි කියලා නූගත් මිනිහෙක් ඔහු කුලීවැඩ කරල තමයි පවුලේ නඩත්තු කලේ වයසට ගියාම රට කජු විකුණා ජීවත්වුනා ඉතින් ඉස්සර තිබුන ගම්සභා අහෝසි කර ප්‍රාදේශීය සභා ඇතිකලාම මැම්බර්ලා සදහා දීමනා දෙනවා කිව්වම මේ මළපොතේ අකුරක් නොදන්නා පුද්ගලයා කිව්වා මෙහෙම පඩිදෙන්න ගියාම රට හදන්නෙ කොහොමද කියලා ඉතින් රට ගැන හිතන මිනිස්සු එහෙම හිතද්දී මැතිවරණ ඉල්ලමින් මොළයක් නැති මිනිස්සු වගේ මැතිවරණ ඉල්ලමින් අරගල කරන එවුන් එක්ක ලංකාව කොහොම හදන්නද කියලා තේරුම් ගන්න මටනම් අමාරුයි
මැතිවරණය පැවැත්වීමට බාධා කිරීමට ජනාධිපතිට කිසිම අයිතියකුත් නෑ, බලයකුත් නැහැ... මැතිවරණය පැවැත්වීම මූලික මිනිස් අයිතිවාසිකමක්... මේ හොර පාරෙන් ආපු ජනාධිපතිට පුළුවන්ද මූලික මිනිස් අයිතිවාසිකම කඩකරන්න...