IMG-LOGO

මුදල් කාරක සභාවේ මුල් පුටුවට අලුතින් කරන්න යන දේ

(සුජිත් හේවාජුලිගේ )

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරයේ මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (committee of public finance)  වැඩබලන සභාපතිවරයකු පත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරන්නේ  මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට වැඩබලන සභාපතිවරයකු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව  පත් කළ නොහැකි බවයි.

මහජන මුදල් කාරක සභාව නියෝජනය කරන විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කළ යුතුයැයි එක හඬින් ප්‍රකාශ කරන  හෙයින් ඔහු ස්ථිර සභාපති ලෙස පත් කිරීමට  කිසිම ගැටලුවක් නැතැයිද  කිරිඇල්ල මහතා පෙන්වාදුන්නේය.

මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  සභාපති ධුරය සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම පසුගියදා පැවති  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී යෝජනා කළ බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තේරීම් කාරක සභාව තමාගේ යෝජනාව අනුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

කෙසේවෙතත් තේරීම් කාරක සභාවේ රැස්වීමක් අද හෙටම පැවැත්වෙන බව තමාට දැනගන්නට නැතැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් පැවසීය.

මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ විසින් යෝජනා කෙරුණු සමගි ජන බලවේගයේ  මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා  තේරීම් කාරක සභාව විසින් පසුගියදා පත් කරනු ලැබීය.

ඒ අවස්ථාවේදී සමගි ජන බලවේගය විසින් සභාපති ධූරයට යෝජනා කරනු ලැබුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නමය.

මයන්ත දිසානායක මහතා එම කාරක සභාවේ සභාපති ධූරයට පත්කිරීමට සමගි ජන බලවේගය දැඩි ලෙස විරෝධය පළ කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම අනුව  දිසානායක මහතා පසුව එම තනතුරෙන් ඉල්ලා අස්විය.



අදහස් (0)

මුදල් කාරක සභාවේ මුල් පුටුවට අලුතින් කරන්න යන දේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 293 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 470 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 190 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site