
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මුදල් කාරක සභාව මින් ඉදිරියට කරගෙන යන්න බැරි තත්වයක් උදාවී ඇතැයි එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ අද (24) පැවසීය.
ඔහු මෙසේ පැවැසුවේ සභාවේ කටයුතු අාරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි
හර්ෂද සිල්වා මහතා මෙසේද කීවේය
මීට පස්සේ කමිටු කාමර පහ අඟහරුවාදා ඉදල සිකුරාදා වෙනකම් අටේ සිට පහ දක්වා කෝප් කමිටුවට දෙන්න අද නියෝගයක් කරලා . එහෙම ලියලා දීලා නැහැනේ. අපි ඒක බෙදාගෙන කළේ. ඊයේ පාර්ලිමේන්තුවේ කියවුණා මුදල් කාරක සභාවේ අවශ්‍යතාවක් නෑ කියලා.
අපේ කමිටුව දහවැනි පාර්ලිමේන්තුවේදී අසූහත් පාරක් හම්බවෙලා තියෙනවා. කෝප් එක රැස්වෙලා තියෙන්නේ තිස්තුන් පාරයි. මේ දක්වාම අපි සියලු කමිටු එ් කාමරය බෙදාගෙන කටයුතු කළේ. අද අමුතු නියෝගයක් ඇවිල්ල.
කතානායක:
අපි මේක උපදේශක සභාවේදී සාකච්ඡා කරලා විසඳගමු
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd