
(ඩයනා උදයංගනී)
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදෙස් රටවල් 7ක මෙරට තානාපතිවරු සහ මහ කොමසාරිස්වරුන් අද (14) හමුවී සාකච්ඡා පැවැත්වීය.
ඒ අනුව මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කී ෂෙන්හොන්ග්, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් ලෝතර් සෙවුබර්ට්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බී. මැටරි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස්, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චයිබි, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හූල්ටන් යන මහත්ම මහත්මීන් හමුවී සාකච්ඡාවේ නිරත විය.
මුදල් අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්විණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දගෙයි, ගෝඨාගෙයි... කෙළි සෙල්ලම් අවසාන වෙනකොට දැන් බැසිල් පටන් ගන්නයි හදන්නේ... කොල්ලනේ අපේ රට පරිස්සම් කර ගනිව්..!!!
මෙයා ගැන ඇමෙරිකන් තානාපති කිව්ව දේ නම් අපි දැක්කා. මෙයාගේ අලගිය, මුලගිය තැන් තානාපති නිලධාරීන් දන්නවා.
ලෝකෙන්ම ණය අරගෙන සිංහයින් වගේ ඉන්න ලස්සන....
ඕනම දෙයක් ඉල්ලන කීයකට හරි දෙන්නම් කියනවා හැර වෙන මොනවා කියන්නද? නෙලුම් කුළුන, මත්තල ගුවන්තොට, හම්බන්තොට වරාය සහ අනවශ්‍ය මාර්ග සංවර්ධන වගේ සෘජුව ආදායම් නොලබන ආයෝජන කරන කොට ඒවාට ලබාගත් ණය ගෙවන්නේ කොහොමද කියලා රටේ එක පුරවැසියෙකුගෙන් ඇහුවාද? දැන් මේ ඩොලර් හිඟය කොරෝනා නිසාම නොවන බව කවුරුත් දැනගත යුතුයි. වාර්ෂිකව ගෙවිය යුතු ණය වාරික කොරෝනා තිබුණද, නොතිබුණද ගෙවිය යුතුය. රට සාමාන්‍ය කාලයේදී පවා එම වාරික ගෙවිය නොහැකි තරම් ඉහළයි. මෙහි කරුමය රටේ අහිංසක ජනතාවට උරුම කළයුතු නැත. ඊට එරෙහි වීමට කාලය පැමිණ ඇත..
ගරු විදේශ තානාපති මහත්වරුනේ, මහත්මියනේ. මේ චව්රයාගේ වහසිබස් වලට මුලා නොවන්න. දුප්පත් මිනිස්සුන්ට අත්‍යාවශ්‍යම ද්‍රව්‍යමය ආධාර මානුෂික හේතුන් යටතේ ලබා දෙන්න. නමුත් "සල්ලි" නම් ශතයක්වත් දෙන්න එපා. හොරා කනවා. විදේශ විනිමය නැහැ කියනවා. ඇත්ත. තිබුණු විදේශ විනිමය ඔක්කොම සහෝදරයින්ගේ විදේශ බැංකු ගිණුම්වල දමාගෙන. රටේ රත්තරන් සංචිතයත් 80%ක් පමණ විකුණලා. නාමල් තමයි මුල් වතාවට ඒ වැඩේ කලේ... ගිය සැරේ ඒ ගොල්ලන්ගේ රජය කාලේ. රත්තරන් විකුණුවේ ඩුබායි වලට. රට බංකොලොත් වෙලා අන්තිමේදී රටේ මිනිස්සුන්ගෙන් ගුටිකා මහපාරේම එකට මියැදෙන්නට පෙරුම්පුරාගෙන පැමිණි සහෝදර හොරු රංචුවකි මේ රට පාලනය කරන්නේ... එ් නිසා ඒ පවට ඔබලා දායක නොවීමට වගබලා ගන්න.
ලොකයෙන්ම ණය අරගෙන සින්හයින් වගේ ඉනනවා
අනේ මෙහෙමත් දේවල්
මඩ බලකාය ආයෙමත් වැඩට බැහැලා වගේ... හොර පවුලට බැනලා දාන ඒවට අකැමැත්ත දානවා හැරෙන්න කමෙන්ට් ලියන පාටක් පේන්න නැහැ.
මේවත් අරන් වෙච්ච දෙයක් නැති වෙයිද දන්නෙ නැහැ