IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘මුදල් ඇමැති කරන්නේ මොනවාද කවුරුත් දන්නේ නෑ‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මුළු  රටම කලුවරේ සිටියදී මුදල් අමාත්‍යවරයා මොනව කරනවා දැයි කිසිවෙකු හෝ නොදන්නා බව පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

ඔහු පාර්ලිමේන්තුවටද මාස තුනකින් පැමිණ නැතැයි  හෙතෙම චෝදනා කළේය. කිරිඇල්ල මහතා මෙසේ චෝදනා කළේ මුලසුනේ අවසරය ඇතුව ප්‍රකාශයක් කරමිනි.

මුදල් අමාත්‍යවරයා හා ඉන්දියාවට ගොස් ණය කන්දරාවක් ලබාගෙන ඇති බවත් ඔහු ඒ ණය මුදල ලබාගෙන ඇත්තේ වරාය තෙල් ටැංකි සියල්ලම ඉන්දියාවට උකස්කර  යැයි  දැනගන්නට ඇති බවත්  ඔහු ප්‍රකාශ කළේය.

මුදල් බලය ඇත්තේ පාර්ලිමේන්තුවට හෙයින්  ඒ සියල්ල මේ සභාව දැනගත යුතු බව  පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මුදල් අමාත්‍යවරයා ඉන්දියාව සමග අත්සන් කළ දේවල් කිසිවක් රට නොදන්නා බවද සඳහන් කළේය.

අද ආණ්ඩුව ණය ගන්නේ කන්න දීමට යැයිද  ඔහු පැවසුවේය.

ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට මුදල් අමාත්‍යවරයා මැති සබයට පැමිණිය යුතු බවත් ඔහු එසේ නොපැමිණීම  කණගාටුදායක කාරණයක් බවත්  විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා  කීවේය.

මුදල් අමාත්‍යවරයා ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම්  සභාගත කළ යුතු බව  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

‘මුදල් ඇමැති කරන්නේ මොනවාද කවුරුත් දන්නේ නෑ‘

kamal Tuesday, 22 March 2022 04:22 PM

පෙට්‍රල් පෝලිම් තියන නිසා පුරුද්දට පෙට්‍රල් ගහන්න යනවා ඇති... ඒකයි...! 

:       1       0

SUNIL MILANO Tuesday, 22 March 2022 04:37 PM

යහපාලනයේ මුදල් ඇමැති දෙන්නගේම කෙරුවාවල් හොඳට මතකයි මහත්තයෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site