(රංජන් කස්තුරි)
නොරොච්චෝල ගල් අගුරු බලාගාරය මුදල් අයනොකර නැවත අලුත්වැඩියා කර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය චීන සමාගමෙන් ඉල්ලීමක් කර තිබේ.
ඇමරිකානු ඩොලර් මිලියන 3.8 ක් ගෙවා අලුත්වැඩියා කර දින දහයකින් නැවත ක්‍රියාවිරහිත වූ හෙයින් මුදල් අයකිරීමකින් තොරව ජනන යන්ත්‍රය අලුත්වැඩියා කර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය චීනයේ සී.එම්.ඊ.සී සමාගමෙන් ඉල්ලා තිබේ.
මුදල් අය නොකර නොරොච්චෝලේ අලුත්වැඩියා කරදෙන්නැයි ලංවීම ඉල්ලයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම ලංසුවට කොන්ත්‍රාත් වලට ඇතුල්වීම නැවතිය යුතුය... අවුරුද්දකවත් වගකීමක් තැති කොන්ත්රාත්වලට ඇතුල් වුනේ මොකද?
ඕක පුදුම ලෙඩ ගොඩක්නේ.. වැඩකරනවට වඩා කැඩෙනවනේ. එක්කෝ ඊලඟ නඩත්තුවට වගකීමක් ගන්න. නැත්නම් මේක එක්කෝ ලෙඩ ගොඩක් නැත්නම් නිලධාරීන් එකතුවෙලා කොමිස් ගහන පොටක්ද දන්නේ නෑ..
පරිසරය විනාශ කරමින් මුළු රටම ණය අගාධයක දමමින් කරපු විනාශයේ තරම. මේ අවිධිමත් සංවර්ධන මූල්‍ය දූෂණයට සහබාගි වූ හැමෝටම හෙන ගහන්න ඕනෑ..!
කෝ අපේ මහා ලොකු චාටඩ් ඉංජිනේරුවෝ ටික. ඇයි අපිට බැරි මේක නඩත්තු කරන්න. චීන්නුම එන්න ඕනෑද අප්පා. ..? කොමිස් ගහනවා වගේම ඒ ටිකත් ඉගෙනගන්න එපායැ අප්පා. එතකොට අපේ ඉංජිනේරුවන් බුදියගෙනද ඉන්නේ...?
දැනටමත් අපේ ජනතාව නරක දේශපාලනයෙන් පීඩා විඳිති. වැඩි ප්‍රමාදයකින් තොරව, කරුණාකර එකිනෙකාට දොස් පැවරීම නවත්වන්න. හැකි ඉක්මනින් නව කල් පවතින විදුලි බලාගාර පිහිටුවන්න.
අක්‍රමිකතා සහා අහිතකර දේශපාලන බලපෑම් නිසා තමයි එවකට බලශක්ති ඇමතිවරයාව සිටි චම්පික රණවක එවකට රාජපක්ෂ රජයෙන් ඉවත් වූයේ.
ලංකාවේ ඉංජිනේරුවන්ට වැඩ පුලුවන් වුනාට කොමිස් වලට කෑදරයි.
"මුදල් අය නොකර නොරොච්චෝලේ අලුත්වැඩියා කරදෙන්නැයි ලංවීම ඉල්ලයි" චීන බඩු වල "වොරන්ටිය" අවුරුද්දයි. ඒ අතරතුර කැඩුනොත් හදා දෙන්න බැඳිලා ඉන්නවා නේද? වොරන්ටි කාඩ් එක ලැබුනේ නැද්ද? ඒ වා ගිවිසුමට ඇතුලත් නැද්ද?
ගැරන්ටිය ඉල්ලුවහම කොන්ත්‍රාත් එක දෙන්න ගත්ත කොමිස් කුට්ටිය අපහු ඉල්ලුවොත් කොහොමද දෙන්නේ ?
අපේ ඉංජිනේරුවන් බොරුවට කියෙව්වට එ් ගොල්ලන්ට ඔය වගේ දෙයක්වත් අලුත්වැඩියා කරගන්න බැහැ. ඒ ගොල්ලන් විශ්ව විද්‍යාලවල ඉන්න කාලේ නවකවදවලට, උද්ඝෝෂණ, වර්ජන වලට අධ්‍යාපන කාලය වැය කරපු නිසා එ් ගොල්ලගේ දැනුම සහ ප්‍රමිතිය අඩුය. එ්ක එ් ගොල්ලන්ගේ වරද නොව විශ්ව විද්‍යාල තුළ දේශපාලනය කරන පුද්ගලයින්ගේ වරදද?