(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වහලවල් මත සූර්ය පැනල සවිකිරීම බැංකු  ණය  ගැනීමට මුදල් අමාත්‍යාංශය  අනුමැතිය නොදීම නිසා  නැවතී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

ගාමිණී වලේබොඩ  මහතා මෙසේද සඳහන් කළේය.

මේ දවස්වල තියෙන විදුලි  අර්බුදය නිසා ගොඩක් අය  වහලවල්මත  සූර්ය බලශක්ති පැනල සවි කිරීමට පෙලඹී සිටිනවා. ඔවුන් ඒවා කරන්නේ බැංකුවලින්  ණය ලබාගෙන. මේ ණය නිකුත් කරන්න මුදල් අමාත්‍යාංශයේ  අතිරේක අනුමැතියක් අවශ්‍යයි. මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබා නොදීම නිසා බොහෝ දෙනෙකුට ඒ ණය ගන්න බැරුව සූර්ය පැනල සවිකිරීම නැවතිලා.මා මේ ගැන ජනාධිපතිතුමාගේ  අවධානයට යොමු කරනවා. මුදල් අමාත්‍යාංශය  ඒ අනුමැතිය ලබාදීමට  කටයුතු කරනවා නම් ජනතාවට ලොකු සහනයක් වෙනවා. ඔබතුමා ඒ ගැන බලන්න.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:

"මම ඒක බලශක්තිය ඇමතිතුමාටත් මුදල් රාජ්‍ය ඇමතිතුමාටත් විසඳන්න කියන්නම්. ඔබතුමාත් ඒකට එකතු වෙන්න.