IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

(නිමල කොඩිතුවක්කු)

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට පනවා ඇති කොන්දේසි හත තුළ මේ බව සඳහන්වේ.

පාරිභෝගිකයාගේ ඉල්ලීම මත අකුරු නොමැකී යන ආකාරයේ කල් තබා ගත හැකි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජික ඩග්ලස් නානායක්කාර මහතා පැවසීය.

විදුලි බිල වත්කමක් බවත් දරුවන් පාසලට ඇතුළත් කර ගැනීම, පදිංචිය තහවුරු කිරීම වැනි දෑ සඳහා මුද්‍රිත විදුලි බිල්පත් අවශ්‍ය බැවින් මහජනතාවගේ ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.

2030 වර්ෂය දක්වා පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලසුම සකස් කර ඉදිරිපත් කිරීම, 2023 වර්ෂයේ අවසන් කාර්තුවේ පිරිවැය සම්බන්ධයෙන් පුළුල් ස්වාධීන විගණනයක් කර කොමිෂන් සභාවට වාර්තා කිරීම ඇතුළු කොන්දේසි විදුලි බල මණ්ඩලයට පනවා ඇති කොන්දේසි අතර වේ.



අදහස් (2)

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

Lalla Tuesday, 16 July 2024 07:49 AM

බිල්පත නොදීම මීටරය කියවීමට නොපැමිණ බොරු බිල් සැකසීමට හේතු වනවා නිසැකයි. අඩුම තරමේ කුඩා බිල්පත් අතේ ගෙනයා හැකි යන්ත්‍ර ආධාරයෙන් නිකුත්කිරීම අත්‍යාවශ්‍ය දෙයක්.හැමෝටම කෙටි පණිවිඩ කියවීමට බෑ.

:       0       42

Deepal Tuesday, 16 July 2024 07:59 PM

ලෝකය ඉස්සරහට යනකොට අපි යන්නේ පස්සට .මොකද්ද මේ උපයොගිතා කොමිෂන් එක කියන්නේ. අර ඔරලෝසු මාමාගේ කොමිසමනේ. සුපර් මාකට් එකේ වගේ bluetooth වලින් connected කරන්න පුලුවන් බිල්පත් යන්ත්‍ර හැමතැනම. මෙතනට තවකාලිකව එහෙම දෙයක් ආදේශ කරන්න පුලුවන්. මම නම් කියන්නේ මනු කියවීම කියන රැකියාවම අර හයිවේ එකේ කවුන්ටරේ ටිකට් එක දෙන අයියාගේ ජොබ් එක වගේම use less ජොබ් එකක්. මෙච්චර තාක්ශනය දියුනු කාලේ මොකද්⁣ද මේ තාම බිලක් උස්සගෙන දගලන්නේ. හරි මෙහෙමයි හැමෝටම sms එක සෙට් නැ තමයි. එහෙනම් මුද්‍රණ ගාස්තුවක් වශයෙන් පොඩි ගානක් අය කරා කම් ප්‍රශ්නේ නිදහස්. මම දැන් අවුරුදු 10ක වගේ ඉදන් ලයිට් බිලට සල්ලි දාන්නේ ඇප් එකෙන්. ඔය බෑ බෑ කියපු හැමොම QR එකෙන් තෙලුත් ගැහුවේ. අද ඉන්දියාවේ මිනිස්සු අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. වඩේ කරත්ත වලත් visa, master card use කරන්න පුලුවන්. කතිර ගහලා මූණු මාරු කරාට වැඩක් නැ මිනිස්සු මාරුවෙන්නේ නැතුව.

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site