(යොහාන් භාසුර)
උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ලියාපදිංචි නොකළ වී ගබඩා 52 කින් පසුගිය සති කීපයේදී සොයාගැනීමෙන් පසුව මේ වන විට මුද්‍රා තබා ඇති වී මෙට්‍රික්ටොන් 9000 ක් හෙවත් වී කිලෝ ලක්‍ෂ 90 වී අළෙවි මණ්ඩලය ලබාගෙන සහල් කර සතොස හරහා ජනතාවට සහන මිල ලබා දෙන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා පැවසීය.
නීතිවිරෝධී වී ගබඩා දිගින් දිගටම වටලන බව සඳහන් කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා සහල් මිල ඉහළ යෑමට හේතුව නීතිවිරෝධී ගබඩාවල තිබෙන වී තොගවලින් පැහැදිළි වන බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත්ම නාටකය සීනි හා වී...!!!
ඔව් හැම දාම ජනතාවට ජනතාවට. මොකක් හරි දෙයක් ආන්ඩුවෙ සල්ලිවලින් හැදුවත්, ඒකෙන් ඇතිවෙන්න කොමිස් ගහල ; හදපු තැන හොර නඩේ ,නම් ටික ගහනව උන්ගෙ සල්ලි වලින් හදපු විදියට. ඊට පස්සෙ ලියනව ජනතා අයිතියට කියල .අනේ අපේ රටට ගිය කල.