
වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගත් බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකන් හමුදාව, වෙනිසියුලාවට එරෙහිව මහා පරිමාණයේ ප්‍රහාරයක් එල්ල කළ බවත්, ඇමෙරිකන් හමුදා වෙනිසියුලා ජනාධිපති මදුරෝ, බිරිඳ සහ වෙනිසියුලා රජයේ ජ්‍යෙෂ්ඨයන් කීප දෙනකු අත්අඩංගුවට ගත් බවත් ට්‍රම්ප් වැඩි දුරටත් පවසා ඇත.
අත්අඩංගුවට ගත් මදුරෝ සහ බිරිඳ වෙනිසියුලාවෙන් පිටතට ගෙන ගිය බවත් ට්‍රම්ප් පැහැදිලි කර ඇත. ඒ, සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ඔස්සේය.
වෙනිසියුලාවට එරෙහිව කළ මෙම මෙහෙයුම දියත් කළේ ඇමෙරිකන් නීති ආයතන සමඟ ඒකාබද්ධව බව ද ට්‍රම්ප් පෙන්වා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd