(ඩයනා උදයංගනී)

ලෝක ළමා දිනය දා නර්තනයක යෙදුණු මීගමුව, කදිරාන කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්යවරිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

සමාජ මාධ්‍යවල පළවූ එම වීඩියෝව ගුරු සිසු සහභාගීත්වයෙන් සිදුවූ සාමූහික ක්‍රියාකාරකමක් බව ද අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා අමාත්‍යාංශයට දැනුම් ධී ඇත.