(ඩයනා උදයංගනී)
මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ද ඉදිරි දිනවලදී මෙරටට ගෙන්වා රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඒ අනුව කුවේට්, ඩුබායි, මාලදිවයින ආදී රටවල මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින පිරිස් ගෙන්වා ගන්නා බවත් ඇමතිවරයා කීවේය.
එම පිරිස් ද ගෙන්වා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන බව රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
COMMENTS
විශිෂ්ටයි..අපේ වාරයත් එනතුරු අපි බලා සිටිමු.
පුළුවන් තරම් ඉක්මණට ගෙන්වගන්න. අපේ අය ඉන්නේ හරිම භයානක තත්වයක....
ඉතාම හොදයි සැමට කරදරයකින් තොරව මව්බිමට යන්නට හැකිවේවා !! "අමතක නොකරන්න " නැවත ලංකාවට යන ඔබ සියල්ලෝම ලංකාමාතාවගේ සියලුම දු දරුවන් (දියවන්නාව පට්ටියේ මිහරකුන් 225 ද ඇතුළුව ) බඩගින්න නිවීමට සෘජුවම විදේශ විනිමය ලබාදීමට දායකවූ පිරිසක් බැවින් කිසිදු (විශේෂයෙන් දේශපාලුවෙකුට) නම් හිස නැමීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. ඔබලාගේ පුද්ගලික ජිවිතයේ සුකවිහරණ කැපකර, තම ලේ කදුළු දහදිය වගුරා උපයාගත් ඒ සොච්චම් මුදලින් ලංකාමාතාව බඩගින්නේ නොතිබීමට කටයුතු කිරීම වෙනුවෙන් දියවන්නාවේ 225 ඇතුළුව සියලුම ලාංකිකයන් ඔබලාට සදා ණයගැතිය.. ඔබලාට යහපතක්ම වේවා ...!!!
එකත් හරියට කොළඹ මිනිස්සු ගමට ගෙනියනවා වගේ. රටට විදේශ විනිමය උපයන අයට ප්‍රමුකත්වය දෙන්න ඕන. නමුත් කවුද ගෙනාවේ? එංගලන්තේ, යුරෝපයේ ඉන්න ලංකාවේ සල්ලි වලින් ඉගෙන ගන්න දේශපාලුවන්ගේ ළමයි. කිසිම සද්දයක් නැතුව ගේනවා. මැදපෙරදිග ඉන්න අයත් ගේන්න. ඔච්චර ප්‍රචාරයක් ඕන නැහැ.
එතකොට ඩොලර් ටික ...
කරුණාකර බස්නාහිර පළාතේ හිරවී සිටින අය තමන්ගේ ගම බිම් වලට පිටත් කරන්න. අපේ ගෙදර අලුත්වැඩියා කටයුත්තකට කෑගල්ලේ සිට පැමිණි දන්නා අදුරන කෙනෙක් දැන් දවස් 45 විතර අපේ ගෙදර ඉන්නේ යන්න බැරිව .
ඉන්න අය ගෙන්වා ගන්න ගමන් ගෙවල් වැඩට කාන්තාවන් අරින එක නවත්වන්න මේක අවස්ථාවක් කරගමු.
මගේ වීසා ජූලි පළවෙනිදා වෙනකොට අවුරුද්දයි මාස නවයක් වෙනවා වෙනවා ඉතින් මම අවුරුද්දයි මාස නවයකින් ලංකාවට එන්නයි ඉන්නේ මගේ අතින් තමා ටිකට් එක හදාගෙන එන්නේ ඉතිං මේ ගෙදර අය වීසා එක කැන්සල් කරලා මාව ලංකාවට එවනවා කිව්වා ඉතින් මට දැනගන්න ඕනේ ජූලි මාසේ මගේ අතින් ටිකට් එක හදාගෙන ලංකාවට එන්න පුලුවන්ද කියලා මට දැනගන්න ඕනේ මම අවුරුදු දෙකම ඉන්නේ නැහැ අවුරුද්දයි මාස නවයකින් ලංකාවට එනවා...
මේ අය ලංකාවට විදේශ විනිමය ලබා දෙන අය...
බොහොම හොදයි .. ලොකු රටවල අය කලින් හවුස් මෙඩලා.. මම එන්නේ නැහැ. නිකන් මම කිවේ. බුදු සරණයි ඔබ සැමට...
හරි නම් මේ මැදපෙරදිග සහ වෙනත් රටවල රැකියා වලට ගිය අයවයි කලින්ම ගෙන්න ගන්න ඕන. මේ අය රටට සල්ලි හම්බ කරලා දෙන අය. එන්ගලන්තේ, යුරොපයේ, ඉන්දියාවේ සහ අනෙකුත් ඕනැම රටක ඉගෙනගන්න ගිය අයට වඩා රැකියාවලට ගිහින් දුක්විදින අය ගැන බලන්න ඕනේ. ඒ වගේම මේක අවස්ථාවක් කරගන්න ඕනේ පෙෳද්ගලික විශ්ව විද්‍යාලවලට යම් තරමක සහනයක් දෙන්න. කීදෙනෙක් ලංකාවෙ විශ්වවිද්‍යාලවලට යන්නෙ නැතුව පිටරට යනවද නවකවදය නිසා...?
විදේශ වල සිටින පුරවැසියනි, ලංකාවට එන්න එපා. ලංකාවේ මෙම කොරෝනා මර්දන ක්‍රමවේදය තව වැඩි කල් මේ විදියට කරගෙන යාමට අපහසු වූ කල වසංගතය ලංකාව පුර පැතිරී සිය ගණන් පාරදිගේ මැරෙන කලක් එනවා.
සමන්ත, දැන් රට විරුවන්ට හොම්බෙන් යන්න වෙලා නේද ඉන්නේ ආණ්ඩුවේ කෙරුවාව හින්දා? අපි කිව්වා නේද ඕක.
කොන්ත්‍රාත් කාලය නිමා නොවූ අය ගෙන්වා ගැනීමට අපහසු වේවි. ලැබිය යුතු දීමනා සහ ගුවන් ටිකට් පත හාම්පුතා විසින් ලබා දිය යුතුය . මේ ව්‍යසනකාරී අවස්ථාවක් වූ පමණින් ඒවා මග හැරීමට ඉඩ ලබා නොදීමට සේවකයා වග බලා ගත යුතුය. නීතිගරුක සහ සැබෑවට අසරණ වූ අයට මෙය හොඳ අවස්ථාවකි.
මිනිස්සු මැදපෙරදිග ගිහින් දහදුක් විඳලා හම්බු කරන රට සල්ලි ටික , පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න යන සිසුන් හරහා නැවත රට යනවා. දැක්කා නේද කි දාහක් පිටරට ඉගෙන ගන්නවද කියල ? තව විශාල ගාණක් මාර්තු 19 ට කලින් ප්‍රකශ කරලා තිබුන සහන කාලය තුළ ලංකාවට ආවා. තව සමහරු එහෙම ඉන්නව .කරුණාකර වෛද්‍ය සංගමයට සහ රතු මල්ලිලාට බම්බු ගහ ගන්න කියල පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු විශ්ව විද්‍යාල ලංකාවේ නැවත ඇති කරන්න. ජනතාව කතිරේ ගහලා රජයක් පත්කරලා තිබෙන්නේ වෛද්‍ය සංගමයට හෝ විශ්ව විද්‍යාල සිසුන්ට ඕනේ විදිහට රට පාලනය කරන්න නෙවේ. මහින්ද මහත්මයාගේ කාලේ පටන්ගත්තු සයිටම් එක දුර බලලා ගත්තු හරි තීරණය. එතුමා රට පාලනය කරනකොට සයිටම් එක අවරුදු 5 විතර තිබුනා. කවුරුත් මුකුත් කිවේ නැහැ. වැඩේ අල වුනේ යහපාලන ආණ්ඩුව අවාට පස්සේ. හැමෝම එළියට බැහැලා පාරවල් වහගෙන පිස්සු නටන්න පටන් ගනිපු නිසා. මෙතැනදී මහින්ද මහත්මයාගේ පිලේ සහයෝගයත් හිමි වුනේ දොස්තර සංගමය සහ කඩාකප්පල් කාරීන්ගේ පිළට නේපාලේ හෝ ඉතියෝපියාවේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගෙන එන දොස්තරලාගේ ප්‍රමිතිය ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ.
ගෙන්නන්න දෙයක් නැහැ ලගදි ගුවන් තොටුපොළ වල් ඇරියා ම, ඔගොල්ලාගේ අය ගෙන්න ගන්න
කොඩි අරගෙන ආයෙත් යන්න දිනවන්න. රජ පුටුවේ වාඩිකරන්න. සල්ලිත් හිගයිලු. අන්න යවන්න. කොරෝනා හැදිලා ඔයගොල්ලෝ මලත් ඒ අයට ඕනේ සල්ලි.
අනේ ඉක්මනින් අපේ දරුවෝ ටික ගෙනත් දෙන්න.පින් සිද්ධ වෙයි !
ඒ අය අතරත් ඉන්නවද දන්නේ නැහැ VIP කට්ටිය? නැත්නම් මැති ඇමතිලාගේ දරුමල්ලෝ ? මොකද එයාලත් අර UK වලින් අපු අය වගේ නිරෝධායනයට යන්න සුපිරි ගමන් පහසුකම්,සුපිරි හෝටල් ඉල්ලන්න පුළුවන්නේ.
චන්දෙන් පරදිනබව පේන නිසා ඒ චන්දයි එයාලගේ දරු මුණුබුරන්ගේ චන්දයි එකතුකරගන්ඩ කරන වැඩක්.
කරුණාකර මැද පෙරදිග මෙහෙකරුවන්ට වඩා යුරෝපයේ ඉගෙනගන්න දරුවන්ට ප්‍රමුඛතාවය දෙන්න...
අපි කොහොටද දැනුම් දෙන්න ඕන මේ ගැන...