අමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානියා මියයෑමෙන් පසු උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සහාය අමෙරිකාවට හිමිවෙයි.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්රොන් සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් යන මහත්වරුන් සමඟ දුරකථන සංවාද පවත්වා තිබේ.
හමුදා ප්‍රධානියා මියයෑම සම්බන්ධයෙන් ඉරානය පළිගැනීමට උත්සාහ කළහොත් දැනට පවතින අස්ථාවර තත්ත්වය තවදුරටත් තීව්ර විය හැකි බව ප්‍රංශ ජනපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.
ඉරානය සංවරව ක්‍රියාකළ යුතු බවත් ඔහු අවධාරණය කර තිබේ.
අමෙරිකානු ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා ප්‍රධානියා දහස් ගණන් අහිංසක සිවිල් ජනතාවගේ සහ බටහිර පුද්ගලයින්ගේ මරණවලට නායකත්වය දුන් ක්‍රියාවල නිතර වූ බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ලක්ෂ ගණනකගේ ජිවිත විනාශ කරපු ඇමෙරිකාව ..? මේ යුද්ධය ඇමෙරිකාව ඇතුලට අරගෙන ගියොත් ...
හරි වැරැද්ද කෙසේ වෙතත්, සුද්දන් කවදත් ගත්තේ උන්ගේ වරිගයාගේ පැත්ත. ගිවිසුම් ගහලා ඇමෙරිකන් කාරයින් ලංකාවට ගෙන්න ගත්තොත් කවදා හරි අපිටත් ඔය පරිප්පුව කන්න වෙනවා.
මේ තමා මොවුන්ගේ නියම ස්වරූපය. ඕනෙම වරදක් කළාම ඇමෙරිකාවට සහාය දෙනවා. මොවුන් රටවල් කියක් විනාශ කළාද? ඒවායේ හිටපු අහිංසක මිනිස්සු අදටත් දුක්විඳිනවා. ලිබියාවේ හොඳට සැප විඳපු මිනිස්සු අද නන්නත්තාර වෙලා හිඟන්නන් වගේ ජීවත්වෙන්නේ. ඒ වුණාට අපිට තම මානවහිමිකම් උගන්වන්න හදන්නේ...
කොහොමත් ප්‍රංශය, බ්‍රිතාන්‍යය කියන්නේ ඇමරිකාව කරන ඕනෑම තුප්පහි වැඩකටම සහයෝගය දෙන ජාතීන් ඉන්න රාජ්‍ය දෙකක්... ඒ නිසා කොහොමත් මේ ගොල්ලන් ඇමරිකාවට සහාය දේවි...
සමහර අරාබි මුස්ලිම් ජාතිකයෝ ලෝකය විනාශ කරන්න නොයෙක් දේවල් කරනවා සාමයට කැමති සියල්ලෝ මේ ගැන හොද සිහියෙන් සිතිය යුතුයි ...