
(ටී.කේ.ජී.කපිල සහ ගයාන් සූරියආරචිචි )
මිද්දෙණිය පොලිස් වසමේ ඉකුත් පෙබරවාරි මස 18 දින සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රිත්ව මිනිස් ඝාතයක් සිදු කිරිමට , යතුරු පැදිකරු ලෙස කටයුතු කළ බවට සැකකෙරෙන 31 හැවිරිදි සැකකරු ඉන්දියාවෙන් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළට අද(25) අලුයම එවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු උස්වැවගෙදර , දෙබොක්කාව ප්‍රදේශයේ පදිංච්කරුවෙකු වන අතර , ඔහු මෙම ත්‍රිත්ව ඝාතනයට අමතරව මනුෂ්‍ය ඝාතන , ජීව අත් බෝම්බ ලග තබා ගැනීම සහ හෙරොයින් ඇතුලු මත්ද්‍රව්‍ය යන චෝදනා රාශියක් සදහා මිද්දෙණිය , ඌරුබොක්ක , වලස්මුල්ල සහ මිද්දෙණිය යන මාතර කොට්ඨාශයේ පොලීසි රාශියකට අවශ්‍යව සිටි සැකකරුවෙකි .
මෙම ත්‍රිත්ව ඝාතනයේ දී විදානගමගේ අරුණ ප්‍රියන්ත , ඔහුගේ දියණිය සහ පුත්‍රයා වෙඩි වැදීමෙන් ඝාතනය වී තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් සැකකරු බෝට්ටුවක් මගින් ඉන්දියාව වෙත පළා ගොස් ව්‍යාජ නමකින් පෙනී සිටියදී , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එරටට ලබා දුන් තොරතුරු මත ඔහු එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන අද (25 )දින කටුනායකට පිටුවහල් කර එවා තිබුණි .
COMMENTS
ඔහුට සලකලා අහගන්න ඕඩර් එක ආවේ කොහෙන්ද කියලා. අපිට කෙඳිරි ගෑවෙන උත්තර නම් එපා.
ඕඩර් එක ජෙප්පන්ගෙන් ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු 5ක් පුරා පවතින පළපුරුද්දක් තියෙනවා. හොරකම්, බැංකු මංකොල්ලය, ගිණි තැබීම, පහරදීම සහ මිනී මරුම් වගේ දේවල් වලට... දැන්වත් හොඳට කරගෙන යනවා.
රාජපක්ෂ කල්ලියට උණ ගැනෙන නිවුස් මේවා..!
කරුණාකර කුහකයින්ගේ, වෛරය වපරන්නන්ගේ සහ මන්ද මානසිකයින්ගේ සහ වරදාන, වරප්‍රසාද නැතිව තැවෙන්නන්ගේ දේවල් අවශ්‍ය නොවේ.