
(අංජුල මහික වීරරත්න)
කඩවත බස් නැවතුම්පොළේ ගාල් කෙරෙන බස් රථවල රියදුරන් සහ රිය සහායකයින් හත් දෙනකු අන්තරායකර ඖෂධ භාවිත කර ඇති බවට තහවුරු වී යැයි ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය කියයි.
එහි රියැදුරන් සහ රිය සහායකයන්148 දෙනෙකු පමණ පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව මෙම හත් දෙනා මත් ද්‍රව්‍ය ගෙන තිබෙන බව තහවුරු කරගෙන තිබේ.
පොදු ප්‍රවාහනයේ යෙදෙන රියැදුරන් ඉලක්ක කරගත් අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන යටතේ කළ පරීක්‍ෂණවකදී මෙම පිරිස කොටුවී ඇත.
පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සංකල්පයකට අනුව, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ සකස් කෙරෙන මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ මේ වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.
මෙම අහඹු පරීක්ෂණ සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සහභාගී වූහ.එම ආයතනයේ ජංගම පරීක්ෂණාගාර බස් රථය තුළ මෙම පරීක්ෂණ සිදු කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd