(සුජිත් හේවාජුලිගේ )
වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එක්වෙමින් පාර්ලිමේන්තුවේ ලංකා බැංකු ශාඛාවද අද වසා දැමීම හේතුවෙන් එහි වැඩකටයුතුවලට බාධා පැමිණුනු බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සේවය ලබා ගන්නේ මෙම පාර්ලිමේන්තු බැංකු ශාඛාවෙනි.
වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන හෙයින් බැංකු ශාඛාව වසා දැමෙන බවට දැන්වීම් පත්‍රිකාවක්ද එහි ප්‍රදර්ශනය කර තිබිණැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ලංකා බැංකු ශාඛාව වසා දැමුණත් ජල සහ විදුලි ඇතුළු පාර්ලිමේන්තුවේ අනෙකුත් සේවා කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව පැවතිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ බැංකු මෙහෙම කරනවා නම් පුද්ගලික බැංකුවලට මාරුවෙන්න ඕනෑ. අපි සල්ලි දාලා තියෙන්නේ විහිළු කරකර ඉන්න නෙවෙයි. ඕවගේ පඩි ගෙවන්නේ අපේ සල්ලි වලින් කරන ආයෝජන වලින්...
ජනතාවට රටට යහපත් දේ කරනවනම් මිනිස්සු වර්ජන කරන්නෙ නැහැ. වර්ජන කරෙ නැත්නම් මෙලහකට රටම විකුනල කාල ඉවරයි.
හොරුන්ගේ මුදල් තැන්පත් කළ ස්ථානයක් නේද? වැහැව්වාට කම් නැත.
නෑ.. නෑ.. පාර්ලිමේන්තුව වහන්න. බැංකුව විවෘත කරන්න.. එච්චරයි.