IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මැතිසබයේ තනතුරු හතරකට අලුත් මුහුණු

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු දෙදෙනෙක්  සහ සහකාර සංවිධායකවරු දෙදෙනෙක්ද පත් කරනු ලැබ සිටිති.

මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  නීතිඥ සාගර කාරියවසම් සහ ජයන්ත කැටගොඩ යන මහත්වරුන්  ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් ලෙසද  කෝකිලා ගුණවර්ධන සහ නීතිඥ මධුර විතානගේ සහ  ජානක තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන්  සහකාර සංවිධායකවරුන් ලෙසද  පත් කරනු ලැබ ඇතැයි  අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එම තනතුරුවලට අදාළ පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා විසින්  එම මන්ත්‍රිවරුන්ට අගමැති කාර්යාලයේදී ඊයේ (27) බාර දෙනු ලැබීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය   සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය  ප්‍රසන්න රණතුංග ජනාධිපති අතිරේක ලේකම් හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් නීතීඥ චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හා සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (8)

මැතිසබයේ තනතුරු හතරකට අලුත් මුහුණු

ලුම්බිණි Thursday, 28 July 2022 11:54 AM

පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන එකටත් තනතුරු දෙනවද?

:       4       41

මූණ අලුත්,,... Thursday, 28 July 2022 11:59 AM

මූණ අලුත්,,... ඒත් පරිපාලන වියදම්වලට 1ට අමතර බිංදු එකතුවීමක් පමණි සිදුවන්නේ!

:       3       32

සෑම් Thursday, 28 July 2022 01:57 PM

ඕවා තව ටික දවසයි!

:       1       6

ගමේ එකාලා Thursday, 28 July 2022 02:18 PM

වම්බටු ගැන කියපු කෙනාටත් තනතුරක් දීලා තියෙන්නේ .මරු. තව හොද හොද දේවල් ටිකක් ඉස්සරහට බලාගන්ඩ පුලුවන්.

:       0       11

විපරමා Thursday, 28 July 2022 05:49 PM

අලුතින් පත් කරනවා,මාරු කරනවා ,පත්වීම් දෙනවා හැරෙන්ඩ බලන්ගියාම කරපු දේකුත් නැහැ.

:       0       4

ජගා Friday, 29 July 2022 05:16 AM

මේකද සිස්ටම් චේන්ජ් එක...?

:       0       4

කනගාටුයි Sunday, 31 July 2022 07:42 AM

අවු: 74 විතර මේ අය කරලා තව ටිකයි තියෙන්නේ සංවර්ධනය ඉවර කරන්න. මෙහෙම යනකොට තියෙන කීපයත් තව ටික දිනකින් විකුණනවා ෂුවර්මයි රනිල් හිටියොත් බලාපොරොත්තු අපට නහැ රට ගැන කිසිවක්.

:       0       0

Janaka Ritigahapola Sunday, 31 July 2022 06:12 PM

තනතුරු තාන්නමාන බෙදා ගැනීම මිස ජනතා සිතුම් පැතුම් ගැන කිසිම තැකීමක් නොකරන පිරිසක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site