(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෑතකදී වැඩි කෙරුණු පාර්ලිමේන්තු නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ මාසික කෑම බිල අඩු කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව අද (20) තීරණය කළේය.
මේ අනුව පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ රුපියල් හාරදහසක මාසික කෑම බීල රුපියල් තුන්දහසක් දක්වාද සාමාන්‍ය සේවකයන්ගේ රුපියල් 2500 කෑම බිල රුපියල් 2000 දක්වාද අඩු කෙරෙනු ඇත.
පාර්ලිමේන්තු නිලධාරීන් සහ සේවකයන්ගේ කෑම බිල මෑත භාගයේදී සංශෝධනය කෙරුණු තුන්වෙනි අවස්ථාව මෙයයි.
නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ ඉල්ලීම අනුව එම මිල ගණන් මෙසේ අඩු කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
සියලු දීමනා කප්පාදු කර ඇති තත්වය යටතේ පාර්ලිමේන්තුවේ මාසික කෑම බිල දරාගත නොහැකි බව පවසමින් එහි සේවකයෝ පිරිසක් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර නොගන්නා බවට පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලිපියක් බාර දෙමින් පසුගියදා දැනුම් දුන්හ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික කෑම බිලද පසුගියදා වැඩි කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ වැඩත් මාරයි... හිටපු ගොඨාභය නිතරම "රිවස් ගියර්" දැම්මා වගේ තමා මෙයාලත්...! අඩියක් පෙරට, අඩි දෙක තුනක් ආපස්සට. කොහොම වුණත්, බඩගිනි හමුදාවට සොච්චම් සෙතක් හරි ලැබුණු එක නරකත් නැහැ...!
නිලධාරීන්ගෙන් රු.1000/= ක් අඩු කරනකොට, සාමාන්‍ය සේවකයින්ගෙන් රුපියල් 500/= ක්...., ජනතාවාදී ආණ්ඩුවකදි හරි නම් ඕකේ අනිත්පැත්ත නේද වෙන්න ඕනේ..., එතැනත් ලොකු මිනිහාට ලොකු හැන්දෙන්, පොඩි මිනිහට පොඩි නෙමෙයි.. පොඩි සහ කැඩිච්චි හැන්දකින් බෙදලා තියෙන්නේ. අඩුම තරමේ සමානව 25% අඩුකළා නම් සාමාන්‍ය සේවකයාගෙන් රු. 625/= ක් අඩු වෙන්න ඕනේ...
හැම ආණ්ඩුවක්ම වෘත්තීය සමිති මාපියාවට බයයි..! මෙයට ප්‍රධාන හේතුව විපක්ෂ කණ්ඩායම් ඔවුන් එක්ක කල්ලි ගැහිලා ආණ්ඩු දුර්වල කරන්න. මහජන අභිලාෂයන් යටපත් කරනවා...! රට බංකොළොත් වෙන්නත් බං, කොලොත් වෙලා හොම්බෙන් යන රට එක තැන පල්වෙන්නත් මේක ප්‍රධාන හේතුවක්...! අපි අහන්නේ ලක්ෂ ගණන් පඩි දීමනා ගන්න උන් දෑතේ වීර්යයෙන් ජීවත් වෙන ගොවියන් ධීවරයින් කම්කරුවන් උඩ බර පටවලා. පිනට කන්න ලැජ්ජා නැද්ද? කියන එකයි!
බලන කොට, පාර්ලිමේන්තු සේවකයින් හිඟන තත්ත්වයට වැටිලනේ. ඔවුන්ට මසකට කෑම සඳහා රුපියල් 2500ක් වත් ගෙවන්න බැහැනේ...
හරිනේ ඉතින්, පොලීසියේ අයයි, මාධ්‍යවේදියෝයි කන මිල වෙනස් නොකර සේවකයින්ගේ විතරක් වැඩි කරපු එක අසාධාරණයි...!
දවසකට රුපියල් 100 කෑම බිලක් ගෙවාගන්න බැරි පාර්ලිමේන්තු සේවකයෝ!
ගෙදරින් කෑම ගේන්න කියන්න... අපි වගේ.
ඒ කෑම මිල දරාගන්න බැරි නම් සාමාන්‍ය ජනතාව කොහොමද ඔය වගේ තුන් ගුණයක් පමණ වූ වෙලඳ පොලේ කෑම මිල දරාගන්නේ...? වරප්‍රසාද ඇති අය සියල්ල ලබාගන්න එක තාම වෙනස් වෙලා නෑ නේද?
පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ කෑම ගැන විතරයි මේ අය හොයන්නේ... ජනතාව ජීවත් වෙන්න පුදුම දුකක් විඳින්නේ. අපි හිතාගෙන සිටියේ තඹුත්තේගම සාමාන්‍ය පවුලකින් ආපු කෙනෙක් කියලා. දැන් තමයි දන්නේ එයත් තඹුත්තේගම වලව් කාරයෙක් කියලා...