IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මැතිසබේ සුපිරි රථ දෙකක් විකුණයි: කෝටි අටක ආදායමක්

(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ සුඛෝපභෝගී වාහන දෙකක්  විකුණා රුපියල් අට කෝටි විසි නව  ලක්ෂයකට වැඩි ආදායමක් උපයාගෙන ඇත.

රජයේ තක්සේරුව රුපියල්  කෝටි පහක්වූ  ටොයෝටා ලෑන්ඩ් කෲෂර් (TOYOTA LANDCRUISER V8) ලියාපදිංචි අංක CAW–5555 මෝටර් රථය රුපියල්   58,756,000 කටද  රජයේ තක්සේරුව කෝටි දෙකක්වූ මිට්ෂුබිසි මොන්ටෙරෝ  (MITSUBISHI MONTERO) ලියාපදිංචි අංක CAM–1998 මෝටර් රථය රුපියල් 24,164,238 කටද  මෙසේ විකිණූ  බව සභානායක කාර්යාලය පවසයි.

සභානායක කාර්යාලය ටෙන්ඩර් කැදවා මෙම වාහන දෙක  විකුණා ඇත්තේ   රාජ්‍ය ආයතනවල විශාල වැය බරක් සහිත සුඛෝපභෝගී වාහන අපහරණය කිරීමේ රජයේ  ප්‍රතිපත්තියට අනුගත වෙමිනි.

මේ අතර පාර්ලිමේන්තුවේ සුඛෝපභෝගි වාහන තවත් ගණනාවක් පවතින අතර  ඒවාද   ඉදිරියේදී  වෙන්දේසි කිරීමට  කටයුතු කෙරෙනු ඇත. 



අදහස් (3)

මැතිසබේ සුපිරි රථ දෙකක් විකුණයි: කෝටි අටක ආදායමක්

රනේ Monday, 30 June 2025 10:42 PM

ඡන්ද පොරොන්දු ඉටුකළ වගයි!

:       1       0

pj Tuesday, 01 July 2025 09:22 AM

රටම ගොඩ.. නෝ කතා... නෝ සිනා...

:       0       2

ගුණරත්න Tuesday, 01 July 2025 12:59 PM

දැන් ඔය වාහන වලින් කෙරුණු වැඩ ටික කරන්න පියාජෝ ත්‍රී වීල් එකක් ගමු නේද?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site