
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේදී අද(30) පැවැති විශේෂ රැස්වීමට ඈත දුරබැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් බහුතරයක් සහභාගී නොවීම විශේෂත්වයකි.
ඈත දුර බැහැර මන්ත්‍රීවරුන් අධික ඉන්ධන වියදමක් දරාගෙන එක් දිනකට කොළඹට පැමිණීමෙන් ලොකු පාඩුවක් සිදුවන හෙයින් එම මන්ත්‍රීවරුන් මෙසේ නොපැමිණි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
සභාවේ ඝණ පූර්ණය පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාවක් බස්නාහිර සහ ඒ අවට පළාත්වලින් සහභාගි කරවා ගැනිණ.
සතියේ දින හතරක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අවස්ථාවන්හිදී ඒ දින හතරම කොළඹ රැඳී සිටින හෙයින් එම පාඩුව යම් තරමකට තුලනය කරගත හැකිවන බව මන්ත්‍රිවරැ කිහිප දෙනෙක් පැවැසූහ.
යාපනය වැනි අෑත දුර බැහැර ප්‍රදේශයක මන්ත්‍රීවරයකුට වාහනයකින් කොළඹට පැමිණ නැවත යෑමට ඉන්ධන වෙනුවෙන් රැපියල් පනස් දහසකට අාසන්න වියදමක් දැරීමට සිදුවන බව පැවසේ
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීම අද (30) පැවැත්වුණේ ඉදිරි අයවැය ලේඛනයට අදාල අවශ්‍යතාවක් ඉටු කිරීම වෙනුවෙනි. පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට ආරම්භවී පස්වරු 4.30 දක්වා පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ රටවල් වල වගේ මන්ත්‍රීලට සේවයෙන් භාවිතා කරමින් පාර්ලිමේන්තු එන්න බැරි මොකද?
මාර ප්‍රශ්නේ...! දැන් වෙන මාර්ගත් නැතිතරම්. සූම් වලින් බැරියැ?
මංත්‍රිලාගෙන්, ඇමැතිලාගෙන් රටට සේවයක් ගන්න තමයි හිටපු පාලකයෝ ඔවුන්ට නවාතැන් පහසුකම් හා ඇමැතිලාට නිල නිවාස දීමට කටයුතු කළේ ඒවා අවශ්‍යම නැහැ කියලා... අයින් කලා දැන් රැස්වීම් වලටත් සොයාගන්න බැරුව කෙඳිරි ගානවා දුරදිග නොබලා අපි තමයි ඔක්කෝම දන්නේ උන්දැලා මොනවාද දන්නේ අවුරුදු 75ක් කලේ මොනවාද ඇහුව ටිකෙන් ටික ඇත්ත තේරුම් යන විට රට අගාධයේ පතුලටම වැටී වැලිවලින් නැත්නම් රොන් මඩටත් යටවෙලා තියේවි...
පවු අප්පා. මේ දුප්පත් මිනිස්සු කොහොමද එක පාරටම පැට්රෝල් ගහන්න ලොකු මුදලක් වියදම් කරන්නේ...? අපිට නම් තව කමක් නෑ. ඔන්න ඊයේ රෑ ඉඳලා ඒකත් වැඩි කරලා... අනේ මන්දා...!
යාපනය කොළඹ දුම්රිය සේවය පාවිච්චියට ගන්න බැරිද? ඉස්සර හිටිය මන්ත්‍රීලා නම් එකල තිබූ සාමාන්‍ය මගී දුම්රිය පාවිච්චියට ගත්තා නේද? දැන් ඉන්න මන්ත්‍රීලා ඊට වැඩිය කාර්ය බහුල ඇති...
1971 වසරට පෙර මහජන සේවය සඳහා කැප වී සිටි විජයානන්ද දහනායක, ඊරියගොල්ල වැනි ඇමැතිවරු සහ තවත් බොහෝ පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණියේ දුම්රියෙන්. අප කුඩා කාලයේ එය දැක තිබෙනවා. නැවත එම ආදර්ශය පෙන්විය නොහැකිද?
ඇමරිකාව වගේ ජම්බෝ රටවල් ද මේවා මේවා හෙනම පොඩි රටවල්, ඉන්දියාවේ ඇමැතිලා දුම්රියෙන් එනවා අපේ අයට මාරම දේවල්? හැමදාම ඉන්දියාවට මඩ ගැහුව්වාට එහේ අය හොදයි බැලින්නම්...