
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය ප්‍රතිව්‍යුහගතකරණ කිරීම සම්බන්ධයෙන් සකස් කෙරුණු වාර්තාවට එහි දෙපාර්තමේන්තු නවයම දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ කමිටුව තමන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු කරුණු සැලකිල්ලට ගෙන නැතැයි එම දෙපාර්තමේන්තු නවයේම සේවකයෝ චෝදනා කරති.
එසේම මෙම වාර්තාවෙන් තමන්ගේ ගැටළු විසඳා නැතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවකයෝ පිරිසක් පසුගියදා ආහාරපාන සහ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හමුවී විරෝධය පළ කළහ.
මේ අතර මෙම වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරිය එම දෙපාර්තමේන්තු නවයේම ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
මෙම කමිටුවේ වාර්තාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කතානායකවරයා බලාපොරොත්තු වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දේ කරන්න ගියත් පුරුද්දට හා දේශපාලන මනෝභාවයන් නිසා විරුද්ධ වෙන පිරිසක් ඉන්නවා. ඒ අයගේ කළබල වීම නොසලකා යෝජනාවන් හොදයි නම් ඒවා ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව සූදානම් විය යුතුයි.