IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


මැතිසබා කමිටු හතළිහක් පත් කිරීම ප්‍රමාදයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමග අහෝසිවුණු කමිටු හතළිහක් පමණ නැවත   පත් කිරීම  ප්‍රමාදවී ඇතැයි  වාර්තා වේ.

ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ එම කමිටු සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීම  ප්‍රමාදවීම ඊට ප්‍රධාන හේතුව බව  පාර්ලිමේන්තුව ආරංචි මාර්ගවලින් පැවසේ.

සියලු කමිටු කඩිනමින්  පත්කර  අවසන් කරන ලෙස  පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා අදාළ නිලධාරීන්ට දැනටමත් උපදෙස්දී  ඇත.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ  සියලු දේශපාලන පක්ෂ එම නාමයෝජනා මේ සතිය අවසන්වීමට පෙර  බාරදෙනු  ඇතැයි බලාපොරොත්තු වන බවයි.

එම නාමයෝජනා මේ සතිය අවසන්වීමට පෙර ලැබුණහොත් ලබන සතියේදී  පත් කිරීම් අවසන් කිරීමට හැකිවනු ඇතැයිද  ඔහු සඳහන් කළේ‍ය.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට  යළි පත් කිරීමට නියමිතව ඇත්තේ  අමාත්‍යාංශයීිය උපදේශ කාරක සභා 32ක්, පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) වරප්‍රසාද කාරක සභාව , ගෘහ කාරක සභාව පෙත්සම් කාරක සභාව  ඇතුළු කාරක සභා  40 කි.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමගම අහෝසි වූ  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව,තේරීම් කාරක සභාව සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය සතියේදී නැවත පත් කෙරිණ.

කෙසේ වෙතත් රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට සභාපතිවරයකු තවමත් පත්කර ගෙන නොමැත.

මුදල් පිළිබඳ පාර්ලිමේන්තු  කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන 8 වෙනිදා පැවැත්වීමට නියමිත අතර එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

නවවෙනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතාය.

මේ අතර කෝප්, කෝපා ඇතුළු බොහෝ කමිටුවලට   හිටපු සභාපතිවරුන්ම පත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

නවවෙනි පාර්ලිමේන්තුවේ පළමු සසීවාරය  ජනාධිපතිවරයා විසින් ඉකුත් දෙසැම්බර් මාසයේදී  අවසන් කරනු ලැබීමත් සමඟ එහි  බොහෝ කමිටු අහෝසි වී ගියේය.



අදහස් (2)

මැතිසබා කමිටු හතළිහක් පත් කිරීම ප්‍රමාදයි

fairoos Monday, 31 January 2022 03:50 PM

අනේ නිකන් කාලය නාස්ති කරන්නේ නැතිව ඔහොම යමු...

:       0       3

sharm warn Monday, 31 January 2022 04:24 PM

බොරු කමිටු දාගෙන වෙච්චි දෙයක් තිබුණද? කමිටු වැඩක් නැහැ. ආණ්ඩුව පලවා හැරිය යුතුයි. එහෙම නොකළොත් රටකුත් ඉතුරු නොවනු ඇත.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 22 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 927 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site