(විනීතා එම් ගමගේ)
කෝව්ඞ් 19 වයිරසය සම්බන්ධව මැතිවරණයේ දී පිළිපැදිය යුතු උපදේශ සම්බන්ධ මාර්ගෝපදේශ ඉක්මණින් ගැසට් කිරිම රජයේ වගකීමකැයි පැෆරල් සංවිධානය කියයි.
එය ගැසට් කිරීමට කිසිදු බාධාවක් නොවන බැවින් ඉක්මණින්ම එය සිදුකළ යුතු යැයි පැෆරල් සංවිධානය විශ්වාස කරන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
එකී මාර්ගෝපදේශ ගැසට් කළත් නැතත් මහජන නියෝජිතයන් වන්නට බලාපොරොත්තු වෙන් සිටින පිරිස කිසිවෙකුගේ ජීවිත අවදානමකට ලක්කළ යුතු නැති බැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු යැයි ද හෙතෙම කියා සිටියේය.
ජාතික නායකත්වයක් බලාපොරොත්තු වන අපේක්ෂකයන් සමාජයට නිරන්තර ආදර්ශයක් ලබා දිය යුතු යැයි ද කොවිඞ් බෝවීම වැළැක්වීමට කළ හැකි සියලු දේ කළ යුතු බවත් පෙන්වා දුන් හෙට්ටිආරච්චි මහතා ජනතාවාදී නායකයෙක් වීමේ බලාපොරොත්තු ඇතිනම් සමාජයට ආදර්ශයක් දියයුතු යැයි ද කියා සිටියේය.
මේ වනවිට සමාජයෙන් යළි කොරෝනා පොකුරක් මතුවන අන්දමේ අවදානමක් ඇති බැවින් අපේක්ෂකයන් සිය මැතිවරණ ව්‍යාපාර කරගෙන යද්දී ඉතාමත්ම ආරක්ෂිතව හා වගකීම් සහගතව කටයුතු කළ යුතු යැයි ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd