(මනෝප‍්‍රිය ගුණසේකර)
මැතිවරණ පනතේ ප‍්‍රතිපාදන අනුගමනය කරමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාව සතු කාර්ය භාරයක් බව නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අද (04) දැනුම් දුන්නේය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය මැතිවරණ නීතියට අනුකූලව පැවැත්වීමට පියවර ගැනීම යෝග්‍ය බව ද නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාට උපදෙස් ද ලබාදී ඇත.
මහ මැතිවරණය සඳහා දින නියම කර තිබිය දී රට තුළ හදිසියේ උද්ගත වූ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රජය නිවාඩු දිනයන් ප‍්‍රසිද්ධියට පත් කර තිබෙන අතර තුර නාමයෝජනා භාර ගැනීමේ යම් නීතිමය දෝෂයක් ඇත්දැයි තමන්ට උපදෙස් ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම කළ ඉල්ලීම එක් දිනක් තුළ සළකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් අදාල උපදෙස් ලබා දී තිබිණි.
මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කර නාමයෝජනා පත‍්‍ර භාර ගැනීමට කටයුතු කරමින් තිබිය දී පසුගිය මාර්තු 17, 18, සහ 19 දිනයන් රජයේ නිවාඩු දිනයන් ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි.
එසේ තිබිය දී මහ මැතිවරණයට අදාල නාම යෝජනා රජය විසින් භාර ගන්නා ලද අතර ඒ පිළිබඳව විවිධ පාර්ශව විවිධ තර්ක ඉදිරිපත් කරනු ලැබීය.
එම කරුණු සැලකිල්ලට ගත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහි ඇති නීතිමය පසුබිම පසුගිය 3 වැනිදා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටි අතර ඒ පිළිබඳව උපදෙස් ලබා දෙමින් නීතිපතිවරයා මසේ දැනුම් දී තිබිණි.
COMMENTS
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාව සතු කාර්ය භාරයක් බව නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අද (04) දැනුම් දී තිබේ. එමගින් සනාතවනුයේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මැතිවරණය පිළිබද තීන්දු ගැනීමේ නිසි බලධාරියා බව වේ. කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රජය නිවාඩු දිනයන් ප‍්‍රසිද්ධියට පත් කර තිබෙන අතර තුර නාමයෝජනා භාර ගැනීමේ යම් නීතිමය දෝෂයක් තිබේනම් නාමයෝජනා නැවත කැදවිම කලයුතු වේ. මේ අවස්ථාවේ කලයුතුවන්නේ දේශපාලනය, මැතිවරණය පසෙකින් තබා covid-19 පිලිබදව කෙරෙන පරීක්ෂණ වැඩි කිරීම වේ. එසේ නොමැති උවහොත් covid-19 වැලදී රෝග ලක්ෂණ නොපෙන්වන කණ්ඩායම් ඔක්තෝබර් දෙසැම්බර් අතර කාලයතුල මතුවීමට බොහෝ විට ඉඩ තිබේ.
නොමිනේෂන් බාරගත්තේ ආණ්ඩුවද? නැතිනම් කමිෂන් එකද?
මේ උත්තරය ප්‍රශ්නයට වඩා ප්‍රශ්නයක්. අපිට නම් මේවා අපබ්‍රංශ...
මට නං මුකුත් තේරෙන්නෙ නැහැ. අන්තෝ ජඪා, බහී ජඪා. ජඪාය ජඪිතෝ පජා.
අනේ මන්දා මට නම් තේරෙන විදියට මැතිවරණ කොමසාරිස්වරයා අහලා තියෙන්නේ රජය නිවාඩු ලෙස ප්‍රකාශ කරපු දිනයක නාම යෝජනා ගැනීම නීත්‍යනුකුලද කියලා. නමුත් අර "කොහෙද යන්නේ ඇහුවාම මල්ලේ පොල් කියන උත්තරය තමයි දීලා තියෙන්නේ". ඇත්තටම නීත්‍යනුකුලද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ.
නිත්‍යානුකූලව නාම යෝජනා බාර ගත් පසුව ඉතිරි ක්‍රියාදාමයද කරගෙන යන්න. එවැනි අදහසක් තමයි මින් පැවසෙන්නේ .
කොමසාරිස්වරයා මුලින්ම ජනාධිපතිතුමා කඩේ යවන්න උත්සාහ කලා. ඒක බැරි වුණාම නීතිපතිවරයා අල්ලගන්න බැලුවා. ඒකත් හරි ගියේ නැහැ. ඊළඟට තවත් මුට්ටියක් දාලා බලයි. මේකට වෙන්න ඇති ස්වාධීන කියන්නේ තවමත්...
මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුව මැතිවරණය පැවැත්වීම කළයුතු බව අදාළ කොමිසම හොඳින්ම දන්නා දෙයක්. මැතිවරණය මැතිවරණ නීතියට අනුකුලව පැවැත්විය යුතු බවද එම කොමිසම දන්නා කරුණක්. කොමිසමේ පැනයට පැහැදිලි පිළිතුරක් ලැබී නැතිබව තමයි සිතෙන්නේ.
කැලැන්ඩරේ නැති හදිසියේ නම් කරපු නිවාඩු දින නිසා මැතිවරණ නීතියට පටහැනි නැතිව ඇති. යම් හෙයකින් නාම යෝජනා අවලංගු කලොත් අලුතින් නාම යෝජනා භාර ගැනීමත් මැතිවරණ නීතියට පටහැනියි. එවිට මැතිවරණය තියන්න විධියක් නැහැ. ඉදිරි අවුරුදු 5 සදහා කලින් ආණ්ඩුව බලාත්මක කරන්නයි වෙන්නේ. ඒ නිසා වෙන්න ඇති පාර්ලිමේන්තුව යලි කැදවන ලෙස ඔවුන් ඉල්ලුම් කරන්නේ.