(අජිත්ලාල් ශාන්තඋදය)
මැතිවරණය වැළැක්වීමේ හැකියාවක් ඇත්තේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කිරීමෙන් හෝ අධිකරණය හමුවේ තිබෙන නඩුවේ නියෝගය අනුව පමණකැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා රත්නපුරේ දී පැවසුවේය.
රත්නපුර සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න මහතා හමුවීමෙන් අනතුරුව රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙසේ ද කීවේය.
නාමයෝජනා ගත්තත් පළාත් පාලන මැතිවරණය පවත්වන එකක් නෑ කියලා සමහරුන්ගේ විශ්වාසයක් තියනවා. ආණ්ඩුව සල්ලි නැති නිසා මැතිවරණය තියන්න බෑ කියන පදනම ජනගත කරනවා. මුදල් නැහැ කියලා ලෝකයේ කිසිම රටක් මැතිවරණ පවත්වන්නේ නැතිව ඉඳලා නෑ. පාර්ලිමේන්තුවේ පනතක් ගෙනත් මැතිවරණය කල්දාන්න වත්මන් වාතාවරණය අනුව අමාරුයි. එහෙම කළොත් අධිකරණය හමුවේ ඊට අභියෝග කරන්න කෙනකුට පුළුවන්.
ලබන 10වැනිදා මේ මැතිවරණය සම්බන්‍ධයෙන් අධිකරණයේ ඇති නඩුව කැඳවන බවත් එදින මැතිවරණය අත්හිටුවීමේ නියෝගයක් ලැබෙන බවටත් සමහරු පුරෝකථනය කරගෙන යනවා. එහෙත් 2016 ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සම්බන්ධ නඩුව සහ 2008 වරුණ කරුණාතිලක නඩුකරවල තීන්දු මැතිවරණ සම්බන්ධයෙන් අධිකරණ මගින් දුන් පූර්වාදර්ශ නඩු තීන්දු අපට තියනවා. ඡන්දදායකයාගේ ඡන්ද අයිති පැහැර ගැනීමට ගත් උත්සාහයේ දී ඒ අයිතිය රැක දීමට අධිකරණය ක්‍රියා කළ එම නඩුකරවලට සමාන ඉල්ලීමක් මෙවරත් තියන නිසා පූර්වාදර්ශ නඩු තීන්දුවලට සමාන නියෝගයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මැතිවරණය පැවැත්වීම ගැන සැක ඇතිකර ගන්න එපා.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘‘මැතිවරණය ගැන සැක ඇතිකර ගන්න එපා‘‘
ranjith Tuesday, 07 February 2023 02:50 AM
මැතිවරණයට පමණක් මුදල් නැහැ කියන එක විහිළුවක් .ලෝකය හමුවේ මේ රට ලෝකයේ තියන බන්කොලොත්ම රට විදියට ප්‍රසිද්ධ වේවි .මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක වැරදි අසීලාචාර පූර්වාදර්ශයක්
Kalupahana Tuesday, 07 February 2023 08:17 AM
පැපරල් අධ්‍යක්ෂතුමා මැතිවරණ ගැන මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් යම් පවුලක වවයස 18 සම්පූර්ණ කල දරුවෙකුගේ නම පවුලේ චන්ද හිමි නාමලේඛනයේ මුලින්ම දක්වා ගෘහ මූලිකගේ නමත් එතෙක් ලැයිස්තුවේ තිබුන නම් පසුවත් දක්වනවා .එහෙම කරන්නෙ ඇයි.(ඉස්සර රජයේ සේවයේ සිටින විට යම් කාර්‍යාලයට කෙනෙක් ස්ථාන මාරුවී පැමිණි පසුව ඔහුට පහල ශ්‍රේණියක අයෙකුට පසුව වැටුප් ලැයිස්තුවේ නම තිබුනොත් ගැටුම් ඇතිවුණා .ඒ වගේ මෙම යෙදීමත් සුදුසු නැහැ ) දෙවැන්න මැතිවරණ දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්‍යාලවල නාම පුවරුව සකසන්නේ සහකාර මැතිවරණ කොමසාරිස් කාර්‍යාලය නැත්නම් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්‍යාලය කියලා මේක මහ විකාරයක් වගෙයි එනිසා දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලය කියලා යොදන්න බැරි ඇයි ජනතාවට එහි ඉන්නෙ සහකාර කොමසාරිස්ද නැත්නම් නියෝජ්‍ය කොමසාරිස්ද වැදගත් නැහැ
Perera Tuesday, 07 February 2023 08:59 AM
ඔය කවුරු මොනවා කිවුවත් ආණ්ඩුවේ අභිමතය මොකක් හරි කරන්න ඕනනම් මේ ආණ්ඩුව පොලිස් හමුදා බලය යොදාගෙන ජනතාව මර්ධනය කරගෙන ඒ ඕන දේ කරගන්න මගට අවතීර්ණ වෙයි