IMG-LOGO

මැතිවරණ කමිටුවේ වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

යෝජිත නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන්  විශේෂඥයන්ගේ  අදහස්  තවදුරටත් ලබාගැනීමට   මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය  සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කළේය.

එම විශේෂඥ කමිටු සාමාජිකයන්ගේ අදහස් ලබාගෙන කමිටුව  ලබන අප්‍රේල් මස 7 වැනිදා නැවතත් රැස්වීමටද එහිදී තීරණය කර ඇත.

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන  මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

මෙම රැස්වීමට දේශපාලන පක්ෂ ගණනාවක් නියෝජනය කරමින් සාමාජිකයෝ සහභාගී වූහ. එහිදී අදහස් දැක්වූ  සාමාජිකයන් බහුතරයකගේ අදහස වූයේ යෝජිත මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් විශේෂඥයන්ගේ අදහස් තවදුරටත් ලබාගත යුතු බවයි .

එම විශේෂඥ කමිටුව පත්කරනු ලැබුවේ පාර්ලිමේන්තු මැතිවරණ කමිටුව සඳහා උපදෙස් ලබා ගැනීමටය.

මේ අතර  මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කමිටුවේ වාර්තාව ඉතාම කෙටි කලකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාවට  අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  අනුර කුමාර දිසානායක, රංජිත් මද්දුමබණ්ඩාර,  විමල් වීරවංශ,  රවුෆ් හකීම්,  කබීර් හෂීම්, එම්.ඒ. සුමන්තිරන්,  මනෝ ගනේෂන්,  මධුර විතානගේ යන මහත්වරුන්  සහ  විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (0)

මැතිවරණ කමිටුවේ වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site