
(සිතුම් චතුරංග)
මත්වන සිසිල් බීම ලබාදී දිවයිනේ විවිද ප්‍රදේශවල රියදුරන්ගේ රථවාහන සහ ඔවුන් පැළඳි රන් භාණ්ඩ කොල්ලකන කණ්ඩායමක ප්‍රධානියා අැතුළු තිදෙනකු ඊයේ (14) කැකිරාවේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.
වවුනියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කයන් හි රියදුරන් කිහිපදෙනකුගේ ත්‍රිරෝද රථ සහ රන් භාණ්‌ඩ කොල්ලකෑම් සිද්ධි සම්බන්ධයෙන් පොලිසිය වෙත ලැබුණ පැමිණිලි මත වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකළ විශේෂ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
සැකකරුවන් කොල්ලකන ලද ත්‍රීරෝද රථයක්, කොල්ලකෑ රත්තරං ග්‍රෑම් 34 උණුකර තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd