IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මෛත්‍රීට අතුරුතහනමක්

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතානගේ මහතා  අද (24)නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු හා සංස්කෘතික සංවිධායක ලෙස කටයුතු කළ මුන්ටිගූ සරච්චන්ත්‍ර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂයේ සිව් දෙනෙකුට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව නිකුත් කළ මෙම අතුරු තහනම නඩුව විභාග කර තීන්දුවක් ලබා දෙන තෙත් ක්‍රියාත්මක වේ.

සර්චන්ද්‍ර මහතා 2022 වසරේදී මෙම නඩුව පවරා ඇති අතර  මහතා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ සාන්ත ජයවර්ධන මහතා අධිකරණයට පවසා සිටියේ මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 හා 2021 වසරේදී සභාපති ධුරයට පත්වීම නීති විරෝධී බවය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාවේ දොළොස් වැනි වගන්තිය අනුව හිටපු ජනාධිපතිවරයෙකුට පක්ෂයේ සභාපති ධුරය ඉසිලිය නොහැකි බවද,ඔවුන් අනුශාසකයින් ලෙස කටයුතු කළ යුතු බවද කරුණු දැක්වීය.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා අතුරු තහනම් නියෝගය නිකුත් කළ අතර විත්තිය විරෝධතා ජුනි මස 24 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වා සිටියේය. සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මේ සමග නීතිඥ සම්පත් පෙරේරා මහතා පෙනී සිටියේය. 



අදහස් (5)

මෛත්‍රීට අතුරුතහනමක්

අරවින්ද මොනරවිල Wednesday, 24 April 2024 11:28 AM

බල තන්හාව හා තමන් පක්ෂයේ ව්‍යවස්ථාවට විතරක් නොවෙයි... රටේ නීතියටත් උඩින් ඉන්නේ කියලා හිතාගෙන ඉන්න තක්කඩි රැලෙන් එකක් තමයි මෙයත්, එහෙව් අයට තමන් රටේ නීතියට විතරක් නොවෙයි, පක්ෂ ව්‍යවස්ථාවටත් යටත් බව මතක් දෙන එක කවුරු කෙරුවත් හොඳ වැඩක්.

:       0       18

ranjith Wednesday, 24 April 2024 12:50 PM

මේ මනුස්සයාට නම් ලැජ්ජාවක් කියන එක ගෑවිලාවත් නැහැ. 2015 තමන්ගේ පක්ෂ පාවා දුන්නා. පස්සේ දිනවපු අය පාවා දුන්නා බලේට තියෙන කෑදරකමට තව එල්ලිලා ඉන්නවා.

:       0       16

nanda Wednesday, 24 April 2024 12:52 PM

මෙයාට නියම කරපු දඩ මුදල ගෙවන්නේ නැතිනම් හිරේ යවන්න තියෙන්නේ...!

:       0       20

නිහාල් Wednesday, 24 April 2024 01:58 PM

පොල් ගෙඩි දෙක තුනක් හොරකම් කරපු කෙනෙක් නම් දනී කරන දේ...!

:       0       4

බද්රානි Wednesday, 24 April 2024 01:50 PM

දැන දැනම පාස්කු බෝම්බ ප්‍රහාරය වීමට ඉඩ හැරියාට හෙන ගහනවා! කෝ.. දැන් රාජපක්ෂලා කෙලෙහිගුණ සලකනවාද..?

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 173 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2062 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site