(විනීතා එම් ගමගේ)
හදිසි අවශ්‍යතාවයක් සේ සළකා මුතුරාජවෙල තෙත්බිම මැන අභය භූමියක් ලෙස ගැසට් කරන්නට කටයුතු කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද (18) උපදෙස් දුන්නේය.
එම ඉඩම් ඉක්මණින්මමැනීමට කටයුතු කරන්නැයි මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.
ගැසට් පත්‍රය නිකුත් වූ වහාම මුතුරාජවෙල ඇති අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත්කිරීමට කටයුතු යොදන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මහින්ද අමරවීර මහතා මේ අදහස් පළ කළේ මුතුරාජවෙල ප්‍රදේශයේ ඊයේ කල සංචාරයකින් පසුවය.
මුතුරාජවෙල අභයභූමිය සුරුකිීමේ සංගමය නමැති ස්වේච්ඡා සංවිධානයක් විසින් අමාත්‍යවරයාට කළ පැමිණිල්ලක් මත පරිසර හානියට ලක්වූ ප්‍රදේශ බැලීම සඳහා අමාත්‍යවරයා එහි ගිය අවස්තාවේ තොරතුරු සොයා බැලී්මේ දී මුතුරාජවෙල අභය භූමිය මැන ගැසට් කර නැති බැවින් ඊට අයත් ඉඩම් අක්කර ගණන පිළිබඳව නිශ්චිතව පැවැසීමට නොහැකිව ඇති බව ජාඇල ප්‍රාදේශිය ලේකම් ටී අයි ඩී කේ රාජිකා මහත්මිය පැවසීමෙන් පසු අමාත්‍යවරයා මෙම උපදෙස් දුන් බව අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මුතුරාවෙල තෙත් බිමෙහි රක්ෂිත මට්ටමේ පැවැතිය යුතු භූමි බොහොමයක් අනවසර ඉදිකිරිම් හෝ ඉදිකිරීම් සඳහා සූදානම් කර ඇතැයි එහි දී අමාත්‍යවරයා දැක බලා ගත් බවත් ගොඩ කිරීම් විශාල ප්‍රමාණයක් සිදුකොට තිබු බවත් හෙතෙම කියා සිටියේය.
මෙම දැවැන්ත විනාශයෙන් එකී තෙත් බිම මුදවා ගැනීමට නම් ඉක්මණින්ම භූමිය මැන ගැසට් කළ යුතු බවත් ඒ සඳහා කඩිනමින් කටයුතු කරන ලෙසත් අදාල නිලධාරින්ට අමාත්‍යවරයා උපදෙස් දුන් බව ද හෙතෙම සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෙස්පෙක්‍ට් 'සර්' ... දැන් ඒකත් හරි. අපිට නම් හරිම ආඩම්බරයි.
බොහොම වැදගත් තීරණයක් සහ මුතුරාජවෙල වැදගත් කම ඉතිහාසයෙන් සහ සමාජ අධ්‍යයන පොතින් ඉගෙන ගත්තා නම් හැමෝම එහි වටිනාකම දන්නවා.
ඉතා වැදගත් තීරණයක්, නමුත් රජපක්ෂ වරුන්ගෙ හිතවාදින්ට මෙය දැඩි ලෙස දැනුන දාට එදාට මහින්ද අමරවීරගෙ ඇමති දූරය ගැලවෙයි. නැත්නම් කරගෙන යන්න බැරි විදියට පාර කපයි. මෙම මජර දෙශපාලනයෙ සොබාවය එයයි. එහෙම නොවේවායි ප්‍රර්ථනා කරමු.