
(අංජුල මහික වීරරත්න)
මොරගහකන්ද ජලාශයෙන් පිටවන ජලය අපතේ නොයවා අනුරාධපුරයට හා වයඹට ගෙන යන ඇලමාර්ග කඩිනමින් ඉදිකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාලන සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී.
එමගින් වයඹ සහ අනුරාධපුර කෘෂිකර්මාන්තය දියුණු කිරීමට හැකියාව ලැබෙන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල විනාශ වන ආකාරයට අධික වර්ෂාව නිසා පොදු මහජනතාවට විශාල පීඩාවක් සහ අලාභ හානි සිදුවී ඇත. මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ මොරගහකන්ද සහ කළුගඟ ජලාශ වලින් එකතු වන ජලය පොළොන්නරු දිස්ත්‍රික්කයේ සහ මිනිපේ ජලාශයට පමණක් ගලායන බැවිනි.
2019 වර්ෂය වන විට මා විසින් අනුරාධපුරයට සහ වයඹට මොරගහකන්දෙන් යන ජලයට කි.මී. 15 ක් 20 ක් පමණ ඇලමාර්ග ඉදිවෙමින් පැවැතුනි. එහෙත් 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වයඹ සහ අනුරාධපුරයට යන ඇලමාර්ග ඉදිකිරිම් එවකට පැවැති ආණ්ඩුවලින් ක්‍රියාත්මක වුයේ නැත. එම කටයුතු සම්පුර්ණයෙන්ම ඇනහිට තිබුණි. 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය වනවිට වයඹට සහ අනුරාධපුරයට යන විශාල ඇල මාර්ග කපා තිබුනේනම් පොළොන්නරුවට මෙවැනි විනාශයක් වන්නේ නැත.
මේ පිළිබඳව වර්තමාන රජයේ අවධානය යොමු කර අනුරාධපුරයට සහ වයඹ පලාතට ජලය ගෙනයන ඇලමාර්ග ඉදිකිරීම් ආරම්භ කළහොත් පොළොන්නරුවට මෙවැනි විනාශයක් වන්නේ නැත. දැනට පොළොන්නරුවට යන මොරගහකන්ද හා කළුගඟේ ජලය මහවැලි ගංඟාවට වැටී මහමුහුදට විශාල ජලප්‍රමාණයක් ගලාබසියි. වයඹ පලාතට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයෙන් දියුණු කිරීමට ඇති ජලය මොරගහකන්දෙන් අපතේ නොගොස් කඩිනමින් අනුරාධපුරයට හා වයඹට යන ඇලමාර්ග ඉදිකිරීමට කටයුතු කරන ලෙසට වර්තමාන රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු උන්දැල මහ ඇණයක් වෙලානෙ දැං..!
වාරිමාර්ග ප්‍රමාණයද ඇතුළුව විස්තීරණ අරමුණක් ලෙස ව්‍යාපෘතිය නිම කිරීමට ඔහුට කාලානුරූප සැලැස්මක් තිබිය යුතුය!!. ඔහු නැවතත් ජනාධිපති ධූරයට පැමිණීමට බොහෝ බලාපොරොත්තු තබා ගන්නට ඇත!!! අවාසනාව!!!!
අගය කළ හැකි දෙයක්. රටක් දියුණු කරන්න නම් කළ යුතුම දෙය මේකයි. කලේ කවුද? කරන්නේ කවුද? කියලා ලකුණු දැමීමට වඩා, රටට සහ ජනතාවට සහනයක්, සේවයක් වෙන දෙකට හැමෝම එක්වෙලා උදව් කරනවා නම්, රට දිනනවා අනිවාර්යෙන්ම.
සමූපකාර ජන්දයෙන් අපිට කෙලවේගෙන යන මේ අස්සේ ඕවා කරන්න අපිට වෙලාවක් නෑ. අපි රාජපක්ෂ දඩයමේ - මීට පචෝරිස්.
මොරගහල මක්කටෙයි දැං?
ලොකු ලොකු වැඩ ආණ්ඩුව බලාගනියි…. ඔයාට දැන් තියෙන්නේ දැනට අපේ සල්ලි වලින් නඩත්තු වන පිං ගෙදරින් යන්න….
සිරස්තල දැකලා මන් හිතුවේ ආණ්ඩුවෙන් දීපු ගෙදරින් යන්න බැහැ කියලා. ලියුමක් ලියාලා කියලා..අනේ හිටන් නිකං විහිලු සපයන් නැතුව ඉන්න.
පෙන්දයියා ත් ආපා බලෙන් බලය ගත්තා නේද. ඇයි ඔබට කරන්න බැරිවුනේ .පක්ශෙ රැක ගන්න ආවේ රටට වැඩක් කෙරුවේ නැහැ .මහින්දයට බයේ අගමැති කරන්නත් ගියා. මෝඩම මී හරකෙක්. දැන් එනවා ගුරාට උගන්වන්න. අනුර ජනපති. උබලගෙ වයසින් බාගයක්වත් නැහැ. තරුනයි. නමුත් බලතන්හාව ,මුදලට කිසිම ගිජු කමක් නැහැ තොපි සේරම නාකී පෙන්දෝ .ආවේ හොරාකලා රටේ ජනතාවත් මරලා මුදල් ගන්න. උබලට තිබුනේ ඒ ආසාව. රජයේ නිවස ඒක බාරදීලා මහලු මඩමට යන්න මහින්දත් එක්කන් .අනුරගෙ කකුල් සෝදලා ඒ වතුර බොන්න .උබලා හොරුන්ගෙ සපත්තු ලෙව කෑවේ