(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මිතුරන් පහළොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වැල්ලවත්ත මුහුදු තීරයේ සංවිධානය කර තිබූ  රාත්‍රී උපන්දින සාදයක් අතරතුරදී දියේ ගිලී අතුරුදහන් උපන්දිනය සැමරූ තරුණයා බේරා ගැනීමට ගිය තරුණයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කිරුළපන සිද්ධාර්ථ පාරේ අංක 39/10 හි පදිංචි පාම්බුලිංගම් බාස්කරන් නමැති (22) හැවිරිදි අවිවාහක කාර්මික ශිල්පියෙකු බව පොලිසිය කියයි.

මෙම තරුණයාගේ 22 උපන්දිනය වෙනුවෙන් සාදයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා මිතුරන් පහළොස් දෙනෙකුට පමණ වැල්ලවත්ත මුහුදු තීරයට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබේ.

ඒ අතරතුරදී එහි සිටි තරුණයින් විනෝද වෙමින් සිටියදී උපන්දිනය සැමරූ තරුණයා ඇතුළු පිරිසක් විනෝදයට මුහුදේ ස්නානය කරමින් සිට තිබේ. එම අවස්ථාවේදී ඔහු දියේ ගිලී අතුරුදන්ව ඇති අතර ඔහු බේරා ගැනීමට ගිය තරුණයින් අතරින් මෙම තරුණයා දියේ ගිලි අනතුරට ලක්ව තිබේ.