





මත්ද්‍රව්‍ය පාලනය සඳහා නව ජාතික සැලැස්මක් සැකසීමේ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) කොළඹ වෝර්ටස් ඒජ් හොටලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය , ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය , පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් , මත්ද්‍රව්‍ය පාලනය ක්‍රියාත්මක වෙනවා. ඒත් තව ටිකක් හොඳින් ක්‍රියාත්මක උනා නම් හොඳයි කියල අපිට හිතෙනවා . . . ඔබ සියලු දෙනාගේ මේ උත්සාහය අපි ඉතා අගය කරමු . ජයවේවා .
ඉක්මනින් ලඟකදී අහු වුනු කිහිප දෙනෙක් එල්ලන්න. උණු උණු පිට උනහම ආයෙත් කරන්නේ නැතිවෙන්නම.
කසිප්පු හා මත්ද්‍රව්‍ය නැතිකරනවානම් විකල්පයක් යෝජනා කරන්න ඕනේ. ගම්මට්ටමින් ප්‍රමිතියකට කිතුල් රා, පොල්රා, තල් රා, භාවිතා කරලා සුරා බදු දෙපාර්තුමේන්තුවේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක අදික්ෂණයෙන් අරක්කු පෙරලා ඉතා අඩු බදු මුදලක් ඇතිව කම්කරුවන් ඇතුළු අඩු අදායම් ඇති අයට ලබාදීමට රජය කටයුතුකරන්න ඕනේ. දුප්පත් අයට දැනට ගල් අරක්කු බෝතලයක් රුපියල් 1650.00 කට ගන්න අමාරුයි. කසිප්පු බෝතලේ රුපියල් 250.00 ක් 400.00 අතර තියෙද්දී . එහෙම නැතිනම් ලංකාවේ සියලු දෙනාට අරක්කු තහනම් කරන්න ඕනේ. ලොකුමිනිස්සුන්ට වයින් ස්ටෝර්ස් හා හෝටල් බාර් වලින් බොන්නත් පොඩි මිනිහ උඩබලාගෙන ඉන්නත් පුදුම නීතියක්. ජනාධිපතිතුමා මේ ගැනත් හිතන්න
රටටම ආදර්ශයක් වීම සඳහා මත්ද්‍රව්‍ය පාලනය පාර්ලිමේන්තුවෙන්ම ආරම්භ කරා නම් හොඳයි කියලයි මට සිතෙන්නේ.