(ඉන්දිකා රාමනායක)
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් විවිධ වැරදි සිදුකර ශ්‍රි ලංකාවෙන් පලාගිය පුද්ගලයන් 132 අධික පිරිසකට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ශ්‍රි ලංකාවට මත්ද්‍රව්‍ය සපයන, සහ මත්ද්‍රව්‍ය වැරදි වලට සම්බන්ධ වැඩිම පිරිසක් ශ්‍රි ලංකාවෙන් පලා ගොස් සැඟව සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජයේ ඩුබායි නගරයේ බවට අනාවරණ වී ඇති බවද පොලිස් අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මොවුන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද හෙතෙම කියා සිටියේය.
ජාත්‍යන්තර වශයෙන් සිදුකරන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් , පොලිස් මත්ද්‍රව්‍ය, විශේෂ කාර්ය බලකාය, රේගුව හා නාවික හමුදාවේ සහය ලබාගෙන අඛණ්ඩ මෙහෙයුම් සිදුකරන බවද අජිත් රෝහණ මහතා කීය.
මත්ද්‍රව්‍ය ජාවාරම් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව ඔවුන් මත්ද්‍රව්‍ය වලින් උපයාගත් නිෂ්චල ,චංචල දේපළ සම්බන්ධයෙන් මුදල් විශූද්ධිකරණ වැලැක්වීමේ පනත යටතේ කටයුතු කරන , ඔවුන් නීති විරෝධී ලෙස උපයාගත් දේපළ තහනම් කිරීමට කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා පවසයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ පොලිස් මුලස්ථානයේ අද (27) පැවති මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට කලින් ඔඩොක්කුවේ ඉඳගෙන මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බලවතුන් අල්ලා ගත්තොත් ප්‍රශ්නය පාලනය කරගන්න ලේසිවේවි නේද මහත්තයෝ?
ජාත්‍යන්තර පොලිසිය ඕවා කරනකන් බලාඉන්නේ නැතිව රාජ්‍ය මට්ටමින් සම්බන්ධ වෙලා ඔවුන්ගේ වීසා වලංගු කාලය ඉවර වුණු විගස යළි දීර්ඝ නොකර, වීසා අවලංගු කර එරටින් මෙරටට නෙරපා හැරීමට කටයුතු සැලැස්සුවොත් හොඳයි...