(අජන්ත කුමාර අගලකඩ)
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දිගුකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට පැවැරීම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව නිරාකරණය කර ගැනීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට කැබිනට් මණ්ඩලය විසින් පවරනු ලැබ ඇත.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇමෙරිකානු ඩොලර් බිලියන 235කට බදුදීමට රජයේ තක්සේරු කර ඇති අතර ඉන් සියයට 60ක පමණ මුදලක්ගෙවා බදු පදනම යටතේ ලබා ගැනීමට ඉන්දීය රජය කැමැත්ත පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එහෙත් දෛනික මෙහෙයුම් කටයුතු වලදී සිදුවන පාඩුව බෙදා ගැනීමට ඉන්දීය රජය අකමැත්ත පළකර ඇති බැවින් මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට පැවැරීම ඇණහිට ඇතැයි වාර්තාවේ.
මෙම ගැටලු ඉන්දීය රජය සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීම ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට පවරා ඇතැයි රජය ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාව ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට බඩු පිටරටට විකුනන්න යනවා කියන්නේ එයින් බොහොමයක් බදු ගුවනින් යවනවා කියන එකනේ. ඉතින් මේ සඳහා ගබඩා පහසුකම් ආදිය පවත්වාගෙන යන්න වෙන්නේ මත්තල. මොකද කටුනායක අවට ඉඩ පහසුකම් මදිනේ. අනික එම භාණ්ඩ එකලස් කරනවානම් කරන්න වෙන්නෙත් මත්තල අවට. එකෙන් ලැබෙන ආදායමත් අපට අහිමි කරලා එකෙන් කුට්ටියක් ඉන්දියාවට ගෙනියන්නයි ඔය ගුවන් තොටුපොල අරගන්න හදන්නේ. රට විකුණා පණ ගැටගහගන්න දඟලන දේශපාලකයන්ට රටට හෙන ගැහැව්වත් පෙනෙන්නේ නැහැ.
ම ගැටලු ඉන්දීය රජය සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීම ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට පවරා ඇතැයි රජය ආරංචි මාර්ග කියයි. ??? මේකට ඉන්දියාව නැතුව විසදුමක් ඇත්තෙම නැද්ද ? විකුණන් කන්නේ නැතිව ඵලදායක ලෙස කිරීමට කිසිම ක්‍රමයක් නැද්ද ?
නරියට කුකුල්ලු බලාගන්න බාරදීලා
මට තේරෙන්නෙ නැත්තෙ මේකයි...ඩොලර් 'බිලියන 235' කට මොකක්ද තියෙන ගැටලුව සහ ඉන්දියාවට මත්තල ඒ ගාණට ගන්නවට වඩා ලාබයි මුහුද මැද්දෙ දූපතක් හදල ඒකෙ එයාර් පෝට් එකෙක් හදන එක...ඩොලර් මිලියන 235 මත්තල බදු දෙනව කියන එක ජාතික ප්‍රශ්නයක් තමයි..ඒක කුණු කොල්ලෙට දීමක් නෙ...
හම්බන්තොට විශාල නිදහස් වෙළද කලාපයක් සහ කාගෝ නගරයක් ඉදිකර සියලුම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා මත්තලට යොමු කලානම් හොදයි කියල හිතෙන්නේ මට විතරද?
අපිට අපේ ජාතියේ දියුණුවට යොදාගන්න පුළුවන් සම්පතක් පටු දේශපාලන කුහකකම් නිසා විදේශයන්ට බිලිදෙන ක්‍රියාව ඉදිරියටම ගෙනයන්න. මත්තල අපේ රටට වැඩක් ගන්න බැරි තැනට පත්වුණේ ගිය ආණ්ඩුවේ වරදින්ම නොව අලුත් බිස්නස් ගොඩනගන්න බැරි රෑනක් 2015 බලයට ආපු නිසයි. ලංකාවේම පුද්ගලික අංශයට දුන්න නම් ඔයිට වැඩිය දහ ගුණයක් වැඩ පෙන්නලා මේ වෙනකොට. මේ කට්ටිය දැන් ඔය බිල්ඩින් වල කාලි විකුණන් කන්න තමයි දන්නේ.