(ඉන්දිකා රාමනායක)
12 හැවිරිදි දැරියක කෝපායි ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත රැගෙන ගොස් නිදිපෙති හා ඉන්සියුලින් එන්නතක් ලබා දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 63 කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කෝපායි පොලිසිය පවසයි.
ඝාතනයට ලක්වූ දැරිය සැකකාරියගේ දියණියගේ පළමු විවාහයේ දියණිය බව ද පොලීසිය සඳහන් කරයි.
සැකකාරිය ඉකුත් 09 දින මෙම දැරිය කෝපායි ලැගුම්හල වෙත රැගෙනවිත් ඇති අතර, එහිදී ඉහත පෙති සහ එන්නත ලබාදී ඇති බව පොලිසිය කියයි.
කෝපායි ලැගුම්හලේ කාමරයක් තුළ දුගදක් හමන බවට පොලිසියට ලද තොරතුරකට අනුව පොලිසිය ලැගුම්හල පරීක්ෂා කිරීමේ දී එම එහි කාමරයක ඉහත දැරිය ඇඳක් මත මිය ගොස් ඇති අතර, ඊට යාබද ඇඳක් මත ඉහත සැකකාරිය සිහිසුන්ව සිට ඇති බව පොලිසිය කියයි.
සැකකාරිය අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
2025 දෙසැම්බර් මස 18
293
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිත්තනිය මිණිපිරිය මරලා
Mh Mohan Thursday, 14 September 2023 06:27 PM
මිත්තණියද? යක්ෂණියද?