

(අංජුල මහික වීරරත්න)
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට පුද්ගලයන් 968 දෙනෙකු ඊයේ (3) කළ වැටලීමේදී අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය කියයි.
අපරාධ වලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 23 දෙනෙකුද වරෙන්තකරුවන් 371 දෙනෙකුද මෙම වැටලීමේදී අත්අඩංගුවට පත්ව ඇත.
රටේ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහාත් සංවිධානාත්මක අපරාදකරුවන් අත්අඩංගුවට ගැනීම සදහාත් මෙහෙයුම් ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාවත් එක්ව දෛනිකව සිදු කෙරෙමින් පවතී.
2025-08-03 දිනය පුරා ශ‍්‍රී ලංකා පොලීසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් ත‍්‍රිවිධ හමුදාවේත් 6062 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත. එහිදී පුද්ගලයන් 25870 දෙනෙක්ද වාහන 10423ක්ද යතුරු පැදි 7846ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත.
දේශීයව නිශ්පාදනය කළ නීති විරෝධී ගිනි අවි 03ක්ද එකී මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මෙහෙයුම් අතරතුරදී මහාමාර්ගයේ රථවාහන වැරදි සම්බන්දයෙන්ද මෙහෙයුම් වැඩි කර ඇති අතර ඒ අනුව බීමත් රියදුරන් 110ක සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වෙනත් වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 3202ක් සදහාද ශ‍්‍රී ලංකා පොලීසිය මගින් නෛතික පියවර ගෙන තිබේ.
ඒ අතර ශ‍්‍රී ලංකා පොලීසියේ වයඹ පළාත් අපරාධ කොට්ඨාසය විවෘත කිරීම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් කුරුණෑගලදී සිදු කෙරිණ.
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මතට ලොල් 968ක් පොලිස් දැලේ